වාත වේගයෙන් යන මේ සැරයෙන් (නික්ම යයි) (සිංහබාහු පැමිණේ)
සිඳ ලන්නෙමි හිස සිහ රජුගේ විඳ
මාගෙ පියා වුව වනයෙන් මෙ ලෙසා
නර වාසෙට වැද කරනා ගොරතර
වද හිංසා නෙක ඉවසාගෙන තව
හිඳිනට නොහැකිය වැසියන් මුදවමි
කුරිරු ක්‍රියාවල දරුණු විපාකේ
විඳිනට සිදු වේ පුතුගෙ අතින් වුව
සකලා ලොව ගොස් සොයමි සොයමි
මා අල්ලන්නට එනවුන් මරමි
මඩිමි ඉරමි
නිය පහුරින් ගෙන රුදිරය බොන්නෙමි
කන් අඩි පුපුරන නාදෙන් හඩලමි
ගුවනෙහි රැව් දෙන නාදෙන් හඩලමි
මරණයට නියම වී
කර්ම පල විඳින්නට
අබිමුවට පැමිණෙන්නෙ
මරු මුවට වැටෙන්නට
මා සමඟ කිම් ද මේ
ඇති වෛරෙ නොතේරේ
මම අඹුව සොයා යමි
කිසි වරද ඇද්ද එහි
නෑ සීයන් ගත් නරයො
නෑ සීයන් පැහැරගෙන
දැන් ඇවිත් මා මරති
මරමි උන් මඩිමි උන්
සුණ විසුණු කරමි උන්
බාහු බලයෙන් ද යුත්
මා අතින් මරණයට පැමිණෙන්නෙ ඛේදයකි
සත හට නෙක වද ගැහැට පමුණුවන
අවි ගත් සෙබළුන් හද බිය එළවන
මරු වෙස් දරනා සිංහය දෝ මේ
මේ රළු වනසර මෘගය කෙලෙස ද
ම පියා වන්නේ : මම නරයෙක් වෙමි
රජ කුමරෙක් වෙමි : නර දෙටුවෙක් වෙමි
මා ගත වෙනසිය ඔහු හට සම නැත
එක හී පහරින් විද ඔහු මරණෙමි
මරු විකලෙන් මෙන් වියරු වැටිලා
දඟලයි, හඩයි, ඔහු විඳ මරනෙමි
නුඹ ද මා මරන්ට එන නරයෙකු සේ ය. මා අබියෙසට පැමුණුණු සියලුම නරයන් එක් ක්ෂණයෙන් මරු මුවට ගොදුරු වු වග නො දන්නෙහි ද? නුඹ ඉතා හුරු බුහුටි, යෞවන විලාසයෙන් හෙබි මා සිතට ප්‍රිය උපදවන නරයෙකි. මාගේ නිය, නරයන්ගේ රිධිරයෙන් රත් පැහැවී ඇත. මම නුඹ මරන්ට නොකැමැත්තෙමි. මාගේ අබියෙසින් වහා ඉවතට ගිය හොත් මම නුඹට අභය දෙන්නෙමි.
සිංහබාහු : වචනය