තුන්වෙනි අංකය (තෙවෙනි කොටස)
 

වැසියෝ : සින්දුව


නිරිඳුනි දියනා
වෙනුය කරුණා
විසූ දූ පුතුන් හා
අප මේ උපන් බිම


හැර දා යන ලෙස අණ නො කරනු මැන
යොදවා නිසි විදි අප රැක ගනු මැන


මරණය යෙහෙකි
සිදු වුව යන්ටා
අප නෑ සීයන් හා
තැනූ ගේ දොරත් දා


වගු රට අදි රජිඳුන් හට දන්වා
රැක ගනු මැන අප බල ඇණි ගෙන්වා


යුවරජ : වචනය


මෙ බඳු දේකට වගු නිරිඳුන්ගේ බල ඇණිය ගෙන්වා ගැනීම නො මැනවි, වැසියනි. මේ රට හැර දා යාම මිස කළ යුතු අන් පිළියමක් නො දනිමි.


පොතේ ඉන්නිසය


දුටු සඳ මන බඳින රුවින් යුරු හිමි රම්බා
යළිදු බිය එලවන සේ සිංහ පිළිබිම්බා
තහවුරු කළ නමරුත දිය තුළ විකුමෙන්බා
රජුන් අබියෙසට එයි දැන් කුමරු සිංහබා


(සිංහබාහු පැමිණේ)

සිංහබාහු : සින්දුව

 

දන හට වද දෙන්නා මෙසේ
ඔද බිඳ ලමි සිංහයගේ
සිංහ රජෙක් වේය මා පිය අබිරු
යුත් විකුමෙන් පතරා

ඔහු මෙන් බල ඇති පුත් කුමරා මා
මැඩලන්නෝ කවුරු


විද ලන්නෙමි මේ හීයෙනා
හිස දෙන්නෙමි ගෙන පාමිනා
මේ වැසියන් හට දැක සැනසෙන්නට
එඩි බුන් ඒ සතුරා
සුවසේ වෙසෙනා ලෙස උන් පෙරසේ
අඹු දරුවන් රකිමින්


 

යුවරජු, වැසියෝ : තර්ගය

 

යුවරජ :

 

ඔබ හට වේවා ජය ශ්‍රී
පුතු මා සිහබා කුමරු

මේ මුළු ජනපදයට හිමිකම්
කියනා මුතු මිත්තන්ගෙන්
ගැහැනු ද පිරිමි ද දරුවො ද සියලු
ඔබ හට ගැතිවන්නෝ


 

වැසියෝ :

ඉටු දෙවියෙකු සේ පැමිණා
අප වෙත අනුකම්පාවෙනා
දිරියෙන් අප සන්දා මේ ඔබතුම
කරනට යන විකුමන්
මේ මුළු ජනතා හට දේ අභයා
වඳිනෙමි පා තඹරා


(සුප්පා දේවි පැමිණේ)

(c) Shilpa Sayura Foundation 2006-2017