පොතේ ඉන්නිසය
තිදෙනා ගොස් මෙලෙසා වන පෙත පසු කරමින
පසල් ජනපදයකට පැමුණුණෝය සුවයෙන
දැක උන් ගම් වැස්සෝ සිත අනුකම්පාවෙන
දුන්නෝ නෙක පිළි හා අහර ද බුදින මෙන
දුන් පත් වළදන මෙන් විය රන් වන් බඳුන්
හන් කල සියලු ම පිළි දිලිසුණේ ය වණින් රන්
මන් කුල්මත් වී දනෝ දැක මේ හාස්කන්
දැන් වූහ යුව රජුට විස්තර අයුරින් නන්
(යුව රජ පැමිණේ)
යුවරජ : සින්දුව
තේජවන්ත වංග රජුගේ
තුංග වූ ප්‍රත්‍යන්තයේ මේ
ශාතෘ සේනා හාත්පසින් එන
බින්ද මන් යුව රාජයා වෙමි
දේසේ මෙ සැම තැන
වාසේ කරති සන්තෝසේ සියලු දන
සිද්ධ වූ මෙ දේට කන් දී
විස්මයෙන් ඉතිරේ ය සිත මා
කවුද මේ වන වාසයෙන් විත්
කරන හාස්කම් මාගමා
අත පත් බඳුන් සැම
වස්ත්‍රත් වෙතොත් රන්
වන්නීය රජ දුව
කැන්දන්නෙමිය සෙද
යුවරජ : වචනය
වහා මෙහි එම දාසය
(දාසයෙක් පැමිණයි)
(දාසයෙක් පැමිණයි)
දාසයා : වචනය
ඔබ තුමාගේ අණ කුමක්දැයි දන්වනු මැවිවි, දේවයන් වහන්සේ
යුවරජ : වචනය
වැසියන් විසින් මාළිගාවට ගෙන එන ලද ස්ත්‍රිය වහා මෙහි කැඳවා ගෙන එව.
දාසයා : වචනය
යහපති දේවයන් වහන්ස,
(ගොස් සුප්පා දේවිය, සිංහබාහු හා සිංහ සීවලී ද කැටුව පැමිණෙයි.)
(ගොස් සුප්පා දේවිය, සිංහබාහු හා සිංහ සීවලී ද කැටුව පැමිණෙයි.)
යුවරජ : වචනය
මාගේ මේ ප්‍රත්‍යන්ත ජනපදයට පැමිණියා වූ නුඹලා තිදෙන කව්රු දැයි දැන ගනු කැමැත්තෙමි.
සුප්පා දේවී : වචනය
අපි වනාන්තරයෙහි මං මුළා වී වල්කලා හැඳගෙන පලවැල බුදිමින් එහි බොහෝ කල් වාසය කළ මගියෝ වෙමු. අපට මේ ග්‍රාමයෙහි ඔබ තුමාගේ පිහිට මිස අන් කෙනෙකුගේ පිහිටක් නැත. දේවයන් වහන්ස.
යුවරජ : වචනය
නුඹලාට ආහාර බෙදා දුන් පත්‍ර ගන රන් බවට පෙරළුණු වගක් ද හඳින්නට දුන් පිළි රන්වන් වූ වගක් ද ගැමියෝ කියති. නුඹලා තිදෙනා මගුයන් විය නො හැකිය. ඇත්ත කියනු යෙහෙකි.
සුප්පා දේවි : සින්දුව
සුප්පා දේවි : සින්දුව
බෝ දුකින් මම් කියන්නෙම් ඇසූ දේ
වින්ද පීඩා පිරී මා අතීතේ
නරවර වගු රට අධිරාජයා ඔබ
වේය මා පියාණෝ
රාජ සම්පත් එපා වී ගියෙමි මම්
ආල බැන්ද එ සිංහ රජුන් හා
දා වන වාසේ ආවෙමි මෙ දේසේ
සෙත පිණිසා මෙ දරුවන්
වින්ද පීඩා පිරී මා අතීතේ
නරවර වගු රට අධිරාජයා ඔබ
වේය මා පියාණෝ
රාජ සම්පත් එපා වී ගියෙමි මම්
ආල බැන්ද එ සිංහ රජුන් හා
දා වන වාසේ ආවෙමි මෙ දේසේ
සෙත පිණිසා මෙ දරුවන්
යුවරජ, සිංහබාහු, සිංහ සීවලී : තර්ගය
යුවරජ :
සුප්පා දේවි ද මේ
එදිනා ගොසිනා වෙසෙනා එවනයේ
සුප්පා දේවි ද මේ
ඔබ ගැන තතු මම දන්නෙමි සියලු ම
අසා නැත්තෙ කවුදෝ
වගු රදු දූ ඒ සුප්පා දේවි
සුරඟන සේ දිලෙනා
සිරිනා නොමිනා රඳනා සෙඳින් සැම
දුටු දන මන නයනා
එදිනා ගොසිනා වෙසෙනා එවනයේ
සුප්පා දේවි ද මේ
ඔබ ගැන තතු මම දන්නෙමි සියලු ම
අසා නැත්තෙ කවුදෝ
වගු රදු දූ ඒ සුප්පා දේවි
සුරඟන සේ දිලෙනා
සිරිනා නොමිනා රඳනා සෙඳින් සැම
දුටු දන මන නයනා
තරු පිරිවර ලත් චන්ද්‍ර බිබ්බ සේ
සමඟන් දරු දෙදෙනා
සොමි කිරණින් සේ යුව රජ මැදුරත
ආලෝකෙන් පිරුණා
සිරිනා නොමිනා රඳනා සෙදින් සැම
දුටු දන මන නයනා
සමඟන් දරු දෙදෙනා
සොමි කිරණින් සේ යුව රජ මැදුරත
ආලෝකෙන් පිරුණා
සිරිනා නොමිනා රඳනා සෙදින් සැම
දුටු දන මන නයනා
දෙන්නෙමි මෙහි සරණා
හදිනා මෙදිනා වෙමිනා නො හිමි තුටු
දෙන්නෙමි මෙහි සරණා
යුග බා බලයෙන් යුත් ඔබ පුතු හට
පෙනෙනා සේ ගිරිඳා
දෙන්නෙමි ඇපා තනතුර දේසේ
අණසක ඇති නො මදා
සමිඳා වගිදා සන්දා කරන්නෙමි
නෙක සැලකිලි නිබදා
හදිනා මෙදිනා වෙමිනා නො හිමි තුටු
දෙන්නෙමි මෙහි සරණා
යුග බා බලයෙන් යුත් ඔබ පුතු හට
පෙනෙනා සේ ගිරිඳා
දෙන්නෙමි ඇපා තනතුර දේසේ
අණසක ඇති නො මදා
සමිඳා වගිදා සන්දා කරන්නෙමි
නෙක සැලකිලි නිබදා
සිංහබාහු හා සිංහ සීවලී :
ඔබ හට පතමු දිගා
කරුණා සිතිනා රකිනාප තිදෙනා
ඔබ හට පතමු දිගා
මාගෙ පීතා මහ වගුරට නිරිඳා
මේ තතු දැන ගත් දා
සැක නැත පසසා දෙන්නේ නෙක වර
තෑගි බෝග නො මදා
කරුණා සිතිනා රකිනාප තිදෙනා
ඔබ හට පතමු දිගා
මාගෙ පීතා මහ වගුරට නිරිඳා
මේ තතු දැන ගත් දා
සැක නැත පසසා දෙන්නේ නෙක වර
තෑගි බෝග නො මදා