සුප්පා දේවි : වචනය
ඔබ පියාණෝ නටයෙකු නොව, වනයෙහි දී මට හමුවූ සිංහ රාජයෙකි. ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රාජ සැප හැර දමා මේ වනයෙහි වෙසෙමි, දරුවෙනි.
සිංහබාහු : සින්දුව
සිංහයෙක් වේ මා පියා
ජන්මයෙන් ලත් මේ අරන්නේ
පුරුදු වු වාසේ සඳා
කුමරියක් වේ මාගේ මවු
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වු යස ඉසුරටා
මට ද හිමි වේ වංග රාජ්‍යය
ප්‍රබල නරවර පරපුරෙන්
කුමක් දෝ මෙ පාපේ ලෙනේ මේ විසීමේ සෙතක් දෝ
යන්ට දැන් නම් කාලෙ වේ
මෑණියන් හා නැගණි සමඟින්
උරුමෙ අපගේ සොයමිනා
වංග දේසේ වෙසෙන ජනතා
කෙරෙහි වේ මා යුතුකමා
කුමක් දෝ මෙ පාපේ ලෙනේ මේ විසීමේ සෙතක් දෝ
සිංහබාහු, සුප්පා දේවි, සිංහ සීවලී : සැහැලි තර්ගය
සිංහබාහු :
මෑණියනි කීව ඔබ බස් අසා
සනිටුහන් කර ගතිමි
නොපමාව යා යුතු ය
මේ ලෙනෙන් ඔබ දෙදෙන
මා සමඟ යා යුතු ය
වන වාසෙ හැර දමා
කර වාසෙ සොයමිනා
අප දෙදෙන හට උරුම
ජීවිතය මේ නොවේ.
සනිටුහන් කර ගතිමි
නොපමාව යා යුතු ය
මේ ලෙනෙන් ඔබ දෙදෙන
මා සමඟ යා යුතු ය
වන වාසෙ හැර දමා
කර වාසෙ සොයමිනා
අප දෙදෙන හට උරුම
ජීවිතය මේ නොවේ.
සුප්පා දේවි :
මෙවන් බස් දොඩනු කිම
ඔබ පියා හැර දමා
යා හැකි ද මේ ලෙනෙන්?
අප නැති ව පියා ඔබ
ළය පැලී මැරී යයි
පුරුදු වූ වන වාසෙ
මෙහි සැපත නො සෑහෙ ද
ඔබ පියා සමඟිනා
මෙතෙක් කල් වින්ද මා?
ඔබ පියා හැර දමා
යා හැකි ද මේ ලෙනෙන්?
අප නැති ව පියා ඔබ
ළය පැලී මැරී යයි
පුරුදු වූ වන වාසෙ
මෙහි සැපත නො සෑහෙ ද
ඔබ පියා සමඟිනා
මෙතෙක් කල් වින්ද මා?
සිංහ සීවලී :
මා පියා හැර දමා
යන්නෙ අප කෙලෙස දෝ
වලට ගොස් විඩා වී
පැමිණි විට නැත කෙනෙක්
අහර පිස දෙන්නටා
හුදකලා මේ ලෙනේ
ඉන්නෙ ඔහු කෙලෙස දෝ
නැද්ද වෙන පියාණන්
ආදරේ ඔබ හදේ
මෙ වන් දේ කියන්ටා
සොහොයුරනි පෙම්බරා
යන්නෙ අප කෙලෙස දෝ
වලට ගොස් විඩා වී
පැමිණි විට නැත කෙනෙක්
අහර පිස දෙන්නටා
හුදකලා මේ ලෙනේ
ඉන්නෙ ඔහු කෙලෙස දෝ
නැද්ද වෙන පියාණන්
ආදරේ ඔබ හදේ
මෙ වන් දේ කියන්ටා
සොහොයුරනි පෙම්බරා
සිංහබාහු :
ඔබ දෙදෙන මා සමඟ
නො ආවොත් යන්ට වේ
ඔබ දමා මේ ලෙනේ
මට උරුම වූ දිවිය
මා සොයා යා යුතුයි
නැසෙන තුරු මේ ලෙනේ
සිටිය මුත් අප පියා
අප සමඟ නො එන්නේ
පුරුදු වු වන වාසෙ
හැර දමා කිසි දිනේ
සපල කර ගත නොහැක
ජීවිතේ මේ ලෙසේ
නො ආවොත් යන්ට වේ
ඔබ දමා මේ ලෙනේ
මට උරුම වූ දිවිය
මා සොයා යා යුතුයි
නැසෙන තුරු මේ ලෙනේ
සිටිය මුත් අප පියා
අප සමඟ නො එන්නේ
පුරුදු වු වන වාසෙ
හැර දමා කිසි දිනේ
සපල කර ගත නොහැක
ජීවිතේ මේ ලෙසේ
සිංහ සීවලී :
කෙසේ හෝ යා නොහැක
ඇතේ තර කර වසා
දොර ලෙනේ මහ ගලින
පිය තමගෙ රුදු තුමුල
බාහු යුවලින් ම මිස
බැරිය සොලවන්ට එය
යන්ට නො සිතන්න මා
සොහොයුරනි පෙම්බරා