පොතේ ඉන්නිසය
මෙසේ හටගත් බිය සැක සිතින් පහ කරමින
තොසේ වෙමින් එ මිහිදා වෙසෙන සඳ පෙමින
බසේ මුවින් පිට වුණ නිසා වැඩුණ කුහුලින
විසේසය පියාගේ දකිත දරුවෝ දින දිනේ
(සිංහබාහු පැමිණෙයි)
සිංහබාහු : සින්දුව
සිත නොම සැනසේ හිඳිනට මෙලෙසේ
දිවි හිමියෙන් මෙ ලෙනේ
බොහො ආදර ඇති මුත් මා පිය අපහට
පල නැත මෙ දිවියෙනේ
රොස් වී එදිනේ කී රුදු වදනේ
හද තුළ රැව් දෙන්නේ
අප නරයන් වග පැවසු එ අරුමය
නැත මට වැටහෙන්නේ
අරණේ අප හට බිය පැමිණෙන්නට
කාරණ එළි වන්නේ
පියතුමගේ ගත නැරඹූ කල සිත
කුහුලින් ඉතිරෙන්නේ
නැත සම වන්නේ වෙනස පෙනෙන්නේ
විලස පියාණන්ගේ
කෙලෙස ද ඔහු හට අප දා වූයේ
ඇයි මව නොකියන්නේ
සිත නොම සැනසේ හිඳිනට මෙලෙසේ
දිවි හිමියෙන් මෙ ලෙනේ
බොහො ආදර ඇති මුත් මා පිය අපහට
පල නැත මෙ දිවියෙනේ
රොස් වී එදිනේ කී රුදු වදනේ
හද තුළ රැව් දෙන්නේ
අප නරයන් වග පැවසු එ අරුමය
නැත මට වැටහෙන්නේ
අරණේ අප හට බිය පැමිණෙන්නට
කාරණ එළි වන්නේ
පියතුමගේ ගත නැරඹූ කල සිත
කුහුලින් ඉතිරෙන්නේ
නැත සම වන්නේ වෙනස පෙනෙන්නේ
විලස පියාණන්ගේ
කෙලෙස ද ඔහු හට අප දා වූයේ
ඇයි මව නොකියන්නේ
සිංහබාහු : වචනය
ගොසින් මම මේ වග සියල්ල මෑණියන්ගෙන් අසා සොදින් දැන ගන්නෙමි.
(නික්ම යයි)
පොතේ ඉන්නිසය
පොතේ ඉන්නිසය
නෙත වර පුතු විසිනා අසන ලද පැන නිසා
සුප්පා දේවි මනා ඇති වී සිත වෙහෙසා
සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා
දෙදෙනා කැඳවා ගෙන කීවා තතු මෙලෙසා
සුප්පා දේවි මනා ඇති වී සිත වෙහෙසා
සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා
දෙදෙනා කැඳවා ගෙන කීවා තතු මෙලෙසා
(සුප්පා දේවි පැමිණෙයි)
සුප්පා දේවි : ඉන්නිස ගීතය
සඟවන්ට තතු බැරිය පුතුගෙන්
මිගිදා නිතින සොඳිනා පෙනෙන විලසා
අදහන්නෙ නැත කීව ද මුසා
නැණ මුකුරා ගොස් ඇත පුරා වයසා
මිගිදා නිතින සොඳිනා පෙනෙන විලසා
අදහන්නෙ නැත කීව ද මුසා
නැණ මුකුරා ගොස් ඇත පුරා වයසා
පවසන්ට තතු හද සංසලා
නැති වේ ද සෙනෙ හැරයා ද ලෙනෙ නො දැනා
වළකන්ට බැරි දේට පිහිටා
වනු දෙවියන් මා අසරණේ නො හැරා
නැති වේ ද සෙනෙ හැරයා ද ලෙනෙ නො දැනා
වළකන්ට බැරි දේට පිහිටා
වනු දෙවියන් මා අසරණේ නො හැරා
මා ප්‍රිය පුතණුවනි හා දුවණියනි, මා වෙත එනු මැන. ඔබ දෙදෙනාට කිව යුතු කිසිවක් තිබේ.
(සිංහබාහු හා සිංහ සීවලී පැමිණෙති)
දෙදෙනා : වචනය
අප කැඳවූයේ කිම ද කියා දැන ගනු කැමැත්තෙමු, මෑණියනි.
සුප්පා දේවි, සිංහබාහු, සිංහ සීවලී : තර්ගය
සුප්පා දේවි :
ප්‍රෙමවන්ත දරුවෙනි මා
හිඳිනු කන් යොමා
කියමි පුවත සැක දුරැරා
අසන නිතියෙනා
මෑණිය නුඹ දෙදෙනගෙ වේ
කුමරියක් මනා
පසිඳු මහගු වංග දේසෙ
නරවරා හට දා
හිඳිනු කන් යොමා
කියමි පුවත සැක දුරැරා
අසන නිතියෙනා
මෑණිය නුඹ දෙදෙනගෙ වේ
කුමරියක් මනා
පසිඳු මහගු වංග දේසෙ
නරවරා හට දා
සිංහබාහු :
කිම් ද මෑණියනි ඔබ මේ
පවසන වදනා
ඇස් කන් ඇඳහිය නොහේය
ඇසෙන මෙ අරුමා
ඔබ පා මුල හිඳුවා මා
වැඩෙන වයසේ දී
රාජ කතා කී විසිතුරු
දැන් සිහි වන්නේ
සැප සයනා සුවඳ බොජුන්
තමුල මාලිගා
ඈ සම්පත් හැර දා ඇයි
මෙලෙස වෙසෙන්නේ
පවසන වදනා
ඇස් කන් ඇඳහිය නොහේය
ඇසෙන මෙ අරුමා
ඔබ පා මුල හිඳුවා මා
වැඩෙන වයසේ දී
රාජ කතා කී විසිතුරු
දැන් සිහි වන්නේ
සැප සයනා සුවඳ බොජුන්
තමුල මාලිගා
ඈ සම්පත් හැර දා ඇයි
මෙලෙස වෙසෙන්නේ
සිංහ සීවලී :
රාජ කුමරියෝ පලඳිති
රන් මිණි බරණා
සිනිඳු වස්ත්‍ර හැඳලා රන්
මිරිවැඩි සඟලා
පින් පිඬ වැනි මා මෑණිය
කියනු නොවළහා
ඇයි ද වල්කලා පොරවා
ලෙන තුළ ඉන්නේ
රන් මිණි බරණා
සිනිඳු වස්ත්‍ර හැඳලා රන්
මිරිවැඩි සඟලා
පින් පිඬ වැනි මා මෑණිය
කියනු නොවළහා
ඇයි ද වල්කලා පොරවා
ලෙන තුළ ඉන්නේ
සුප්පා දේවි :
සිනිඳු වස්ත්‍ර මිණි අබරණ
තුමුල මාලිගා
සුවඳ බොජුන් සැප සයනා
මිරිවැඩි සඟලා
මේ සියල්ල හැර දා මම
ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා
සමිඳුන් සමගා
තුමුල මාලිගා
සුවඳ බොජුන් සැප සයනා
මිරිවැඩි සඟලා
මේ සියල්ල හැර දා මම
ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා
සමිඳුන් සමගා
සිංහබාහු හා සිංහ සීවලී :
ඇයි ද පියාණන් සමඟා
ලෙනෙහි වෙසෙන්නේ
හැර දමා එ රාජ ඉසුරු
උවදුරු අතරේ
රිසි නොවී ද මා පියාට
වාසේ මාලිගේ
සියුමැලි ඔබ කැටුව ඉන්ට
මේ වනන්තරේ
ලෙනෙහි වෙසෙන්නේ
හැර දමා එ රාජ ඉසුරු
උවදුරු අතරේ
රිසි නොවී ද මා පියාට
වාසේ මාලිගේ
සියුමැලි ඔබ කැටුව ඉන්ට
මේ වනන්තරේ
සුප්පා දේවි :
අසිරිමත් වූ දේකි මෙලොව
ප්‍රෙමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ
රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු
හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන්
ප්‍රෙමය සන්දා
ප්‍රෙමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ
රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු
හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන්
ප්‍රෙමය සන්දා