සිංහයා, සුප්පා දේවි, සිංහ සීවලී : තර්ගය
සිංහයා :
මෙන් කමලේ දෙන රැව් මිහිලොල්
මුදු තෙපලින් රඳනා හැම කල්
පෙම්බරියේ නුඹ දුන් මෙ වදන්
දොම්නස පහ කරවයි සිත් සතන්
නැත බිය මා මනකල්
සුප්පා දේවි :
පිස දෙමි බුදිනට මේ අහරා
පිනවන සේ ඔබ රස නහරා
පුදනා මේ දරුවන් දෙදෙනා
ආදරයෙන් සැනසෙන් යෙහෙනා
සියලු සැකා දුරැ රා
සිංහයා :
තිරසර ගිවි ගුණයෙන් මෙර වන්
වැඩුණ ද පුතණුවනි සුපසන්
නුඹ වේ එම සුරතල් බිළිඳා
මවු කුසයෙන් බිහි වූ එසඳා
වැඩූ මා ගෙන දෑතින්
සිංහ සීවලී :
නිරතුරු රැකි පෙමිනා නොමඳා
මොළකැටි මා හා සොහොයුරු දා
ඔබ ගැන නොසිතන්නෙමු වරදා
නොඅඩුව පිරී ඉතිරෙයි නිබඳා
බැතියෙන් අප දෙ හදා
(සියලු දෙනා නික්ම යති)
(ගිරිලෙන් වාසය කැමති පළමු අංකය නිමියි)