පොතේ ඉන්නිසය
වෙන දා ලෙනෙහි පැවති කවට කෙළි සිතාදා
මෙම දා නැති වන්ට සිදු වුනු දේ කිමදා
නිබ ඳා විත් පිළිසදර දොඩන සිහබා නදා
මෙසඳා සැඟවෙන්නේ ඇයි ද සිති මිගිදා
(සිංහ සීවලී සහ සිංහබාහු පැමිණෙති)
සිංහයා, සිංහබාහු : තර්ගය
සිංහයා :
කිම් ද පුතණුව විගස නාවේ
මා දකින්නට පුරුදු පෙර සේ
මා දකින්නට පුරුදු පෙර සේ
නුඹ නොදැක මා හද තඹුරු වන
වේය මුකුලිත හිරු නුදුටු සේ
වේය මුකුලිත හිරු නුදුටු සේ
ඇද්ද මන දොළ කිසිත් සැඟ වී
කෝල නොව කිය සදා දෙන්නම්
කෝල නොව කිය සදා දෙන්නම්
සිංහබාහු :
නැත පියාණෙනි කිසිදු මන දොළ
සමා වුව මැන දොසක් වී නම්
සමා වුව මැන දොසක් වී නම්
වෙසෙන සඳ මේ පාලු ලෙන තුළ
නෙක් දිසා සිත පියාඹා යයි
නෙක් දිසා සිත පියාඹා යයි
නොමඳ සිතුවිලි සීන බියකරු
බූත වෙස් ගෙන මා පෙළයි නිති
බූත වෙස් ගෙන මා පෙළයි නිති
මාගෙ මව හා නැගණියන් ගැන
සිතේ නිරතුරු ඇත රැදී බිය
සිතේ නිරතුරු ඇත රැදී බිය
වලට ගොස් ම පියාණනි උතුම්
කිසි දිනක පෙරළා නො ආවොත්
කිසි දිනක පෙරළා නො ආවොත්
මේ ලෙනේ සිර වී සිටින්නා
බැහැර යන්නට මඟ නොදන්නා
බැහැර යන්නට මඟ නොදන්නා
නැගණියන් හා මව ද දෙදෙනා
සමඟ වන්නෙමි ගොදුරු මරුහට
සමඟ වන්නෙමි ගොදුරු මරුහට
සිංහයා : සින්දුව
කිම් ද මෙ වදන් වැටහෙන්නෙ ද තතු ලෙද
යන්ට මෙ ලෙනෙන් දොඩවන්නෙ විකාර ද
කන්ට බොන්ට දේ ගෙන දෙන්නෙමි නොමඳ ව
ගන්ට සිත බිය සැක නොදනිමි කාරණ
යන්ට මෙ ලෙනෙන් දොඩවන්නෙ විකාර ද
කන්ට බොන්ට දේ ගෙන දෙන්නෙමි නොමඳ ව
ගන්ට සිත බිය සැක නොදනිමි කාරණ
රෑක ගෙන ඉන්නට මේ වනයේ ගොර
බාධා දන්නෙමි නරයන් තිදෙනෙකු
මරුහට මේ වනයේ ඇත අවසර
යන්ට නොසිතන් පිට මා අණ කඩ කර
වී සිත සන්සල නිසරු මෙ තෙපලින
මං විමසනු කිම බැහැරට යාමට
සිංහයා : වචනය
මේ ලෙන් දොර වඩා මැනවින් තර කොට තැබිය යුතු බව මට පෙනේ. ශක්ති සම්පන්න දේහයකින් වැඩෙනා මාගේ පුත්‍රයාට මෙතනින් බැහැර යන්ට සිතුණොත් ඔහුට ද මාගේ අඹුවට ද දියණියට ද වන්නේ මහත් විපතකි.
පොතේ ඉන්නිසය
නරයන් බව තිදෙන සිහ රඳු මුවින් පිටවුණ
ඇසූ එබසට සිහබා සිතට සැක පිවිසිණ
සුප්පා දේවි එවර සැමියා සිත සනසන
අටියෙන් යදියි සමා පවසා මෙ බඳු වදන
ඇසූ එබසට සිහබා සිතට සැක පිවිසිණ
සුප්පා දේවි එවර සැමියා සිත සනසන
අටියෙන් යදියි සමා පවසා මෙ බඳු වදන
සුප්පා දේවි : තාල ගීතය
දයාබර හිමියනි උතුම් සංසල නො වනු සිත මේ ලෙසා
පියාදර ඔබ මෙ දරුවෝ සැම කරති ඔබ අණ නොව දසා
සමාකර උන් නො දැනුමෙන් මේ කියන බස් එහි ඇත දොසා
තොසාකර වළදන් ගෙනා මේ අහර අප වෙත නොව රොසා
පියාදර ඔබ මෙ දරුවෝ සැම කරති ඔබ අණ නොව දසා
සමාකර උන් නො දැනුමෙන් මේ කියන බස් එහි ඇත දොසා
තොසාකර වළදන් ගෙනා මේ අහර අප වෙත නොව රොසා
සුප්පා දේවි : වචනය
හිමි සඳුනි, සිතට කිසිදු බියක් නො ගනු මැනවි. ඔබේ මේ දරු දෙදෙනා ද මම ද ඔබ තුමා කෙරෙහි භක්තියෙන් නොඅඩුව වෙසෙමු. යොවුන් වියට පැමිණ සිටින්නා වූ ඔබ මෙන් ම උදාර ගුණයෙන් හා කාය බලයෙන් ද සම්පන්න වූ ඔබගේ මේ දෙටු පුත්‍රයා ඇතැම් විට මෙසේ දොඩන නමුත් ඔහු ඔබට ආදරය ඇත්තේ ය. බිය සැක පහ කර ගනු මනා ය. දේවයිනි.