මෙන් දිවයුරු සැඩකර සතුනට යුතු රුදු ගුණ (සිංහයා පිවිසෙයි)
වන් තුසරකර කිරණෙව් සුතනඹු කුමුදු වන
නන් රිසි දෙන සිතුමිණ සෙ දරුවන් මන පුරන
දැන් බලන් මිගිදා පෙරළා ලෙනට පැමිණෙන
ගන්මින් බුදින්නට රස බොජුනා
වන් නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් දැක
මන් සන්තොසින් වළඳමි සමඟින්
තුල්ලා නයන මිණි ඉඳුනිල්ලා
පුල්ලා කමල වත දක්නා තුරා මෙ
ඇසිල්ලා නොවෙය සිත සැනසිල්ලා
සිංහයා : වචනය
(සුප්පා දේවි පැමිණෙයි)
සුප්පා දේවි, සිංහයා : තර්ගය
සුප්පා දේවි :
සැරදේ සැම කල්
ගන ගුම් මියුරිඳු නද දෙන
විලසින් සවනොත ඔබ සර
නිතියෙන් අප වාසය වන අඳුරින් පිරි මේ ගිරි ලෙන
පුරඳර නන්දන උයනක් සේ සුන්දර වී එකවර
සිංහයා :
රඳනා ම සොඳුර
සොඳින ඔබ කුසයෙන් බිහිව
වැඩුණ ළැමද උණුසුම ලැබ
අසරණ මේ දරු දෙදෙනා රෑ ක ගෙන සිටිනා ඔබ හට
තිසරණ සරණයි නිතර ම දෙවියෝ දෙත්වා සෙත් සිරි
සිංහයා : වචනය
සුප්පා දේවි : වචනය
(සිංහ සීවලී පැමිණෙයි)
සිංහ සීවලී : වචනය
සිංහයා :
කෙසේ ද වනුයේ මා හට පීඩා
තොසේ සිතින් මා සුරතල් දියණිය
මෙසේ නො වන් කිසි බිය මා නැති කල
සුප්පා දේවි :
පියා නුඹගෙ වේ මිඟිදෙකු සේ රුදු
සොයා ගෙනෙයි වනයෙන් අහරක් කිසි
බියා නොවන් කියමින් නිති සනසමි
සිංහයා : වචනය
සුප්පා දේවි : වචනය
(සිංහ සීවලී නික්ම යයි)