පොතේ ගුරු ගයන පූර්ණ විරිදුව
සසර බිය වැද ගොර බිරම්, සව්සත නීතියෙන් පෙළෙ නා
පවර අමා ඔසු සදහම්, දෙවා සනසන අටියෙ නා
අතැර ලත් නිවන මනරම්, ලැබ බුදු වන්ට විවර ණා
නිතර පුරමින් දස පෙරුම්, හිස් ඇස් මස් දන් දෙමි නා
නො මඳ සුතනඹුවන් පුදා, මැඩලු භව ආලයෙ නා
බිළිඳු රහල් පුත් හැර දා, මෑණියන් ළයෙහි නිඳ නා
එදින ගුගුරුවා ලෝටා, පත් බුදු බවට වෙසෙසි නා
නිති බැතියෙන් සිතු පහදා, වඳිමි සුගතිඳු තිලෝ නා
සොඳුරු ලක්දිව පිහිටුවූ, මහරු සිංහල පරපු රා
කුමරු විජයිඳු ගේ මුත් වූ, අබිරු තෙද බලැති කෙස රා
මිතුරු ළෙන් පිළිගත් පුතුන්, සතුරු ලෙස විදියෙන් සැ රා
රුදුරු මරු මුවට පත් වූ, අයුරු පානෙමුය විත රා
වියොවින් වියරු වැටුණු ඒ රුදු කෙසරින්දා
දැක පුතුගෙ වත
තුරු හිසින් නැඟි
සේ නරින්දා
පිබිදුණි මන කොඳ හටගත් පෙමින අමන්දා
වැටුණි සර බිම
මෙත් බෙලෙන් ඇඟ
මස තොසින්දා
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්ඳා
බඳවා ගල් දොරකුත් පිටතට නො යන මෙනේ
බිඳවා මෘග දළ දප් ගොදුරු සොයන වනේ
කැඳවා කෙසර සිහ රදු දක්වමි ඉතිකිනේ
මා බල බිඳ ලන නැත සත මේ වන
යන එන සැම දෙන වෙන පවරමි අණ
සේ නරවර කරවා එක් සේසත් මුළු අංග මගධ
නංවාලමි ජය පතාක පුවතර මේ වංග අරණ
අඹු දරුවන් හට නර වෙස් ද දරනා
නැත වනයේ මා හැර අන් සරණා
වලකන ලෙස උවදුරු නෙක වග වලසුන්ගෙන් පැමිණෙන
තබනෙමි ලෙන් දොර තද කර ගල් පුවරුවකින් තිරසර