ශබ්ද හා නාද
ශබ්දය ඉපදමට චලනයක් අවශ්‍ය වේ. චලනය සිදු වන්නේ ගැටීම නිසාය. එහෙත් එසේ ඇතිවන කම්පන සියල්ල සංගීතයට උපයෝගී නොවේ. කම්පනය වීමේදී සකස් වූ ක්‍රමයකින් එය ඉපදුනොත් එයින් උපදින්නේ මිහිරි නාදයකි. ක්රමික වූ කම්පනයක නියමිත කම්පන සංඛ්‍යාවක් ඇති වේ.ක්රමික නාදයකින් ඇති වන නාදය නිසා අවට වායු තරංග වලද ක්රමික චලනයක් ඇති වෙමින් පැතිර යයි.එසේ ඇති වන ක්රමික නාදය ආහත නාදය හා අනාහත නාදය යනුවෙන් කොටස් දෙකකි.මෙම නාදය සංගීතයට උපයෝගී වේ. කනට ඇසෙන නාද ආහත නාදයි. කනට ඇසෙන මිහිරි නාද අතරින් මිහිරිතම වූ ශ්රැති විසි දෙකක් වෙන් කර ගනු ලැබේ. එම ශ්රැති විසි දෙක අතරින් ප්‍රධාන වශයෙන් ශුද්ධ ස්වර යැයි හැදින්වෙන ස , රි , ග , ම , ප , ධ , නි යන ස්වර හත ද, කෝමල, ත්රිව්ර වශයෙන් හදුන්වනු ලබන රි , ග , ම , ධ , නි ස්වර පහ ද වෙන්කොට ගනු ලබේ. මිහිරිතම වූ නාද වශයෙන් වෙන් වූ නාද වශයෙන් වෙන් කරගනු ලබන ශ්රැති ස්ථාන දොළොසක් මූලික ශ්රැති විසි දෙක අතරින් මෙසේ හදුනා ගැනේ.
අනාහත නාද යනු කනට නොඇසෙන නාද වන අතර එමගින්ද සංගීතයේ වැදගත් කාර්යක් ඉටු කරනු ලැබේ. ආහත නාද සහ අනාහත නාද යන නාද දෙවර්ගයම හොදින් හදුනාගත යුතු වේ.එය අභ්‍යාසයෙන්ම ලැබිය යුතු දැනුමකි.