ගමරාළ : ඒක තමයි මේ තරම් ඕනෑ කමින් දෑවැද්ද ගෙනාවෙ. දන්නෙ නැද්ද අපිට සිරිතක් කඩනව යි කියන එක හරියට ඇඟෙං ඇටයක් කඩාගන්නා වගේ. දෑවැද්දක් නැතු ව දීගයක් දෙනව කියන එක අපිනං මැරුවත් කරන්නෙ නෑ.
නරියා : අනේ කොච්චර එකක් ද, දුවට ලැබෙන දෑවැද්ද කොච්චර උතම් එකක් ද, ජීවිතාන්තෙ දක්වා මතක් වෙන්න කියා ගන්න ඕන දේවල්නෙ. මං ඉතිං දෑවැද්දට දෙන්නෙ මොනව ද කියල ඇහුවෙවත් නෑ. සතුටෙන් දෙන එව්ව ගැන මොනවට ද අහන්නෙ. ඔය සංගයක් නැති අය ඇහුවට.
ගම මහගෙ : අනේ මෙහෙම බෑන කෙනෙක් හම්බ වෙච්ච එක කොච්චර එකක් ද? වෙන අයට සේරම ම ඉස්සර වෙලා ඕනෑ කරන්නෙ මොකක් ද? දෑවැද්ද කියල.
නරියා : මෙහෙම නැන්දල මාමල හම්බ වෙච්ච එක කොච්චර වාසනාවක් ද? මෙහෙම නැන්දල මාමල දුන්න දෙයක් පාරට බහින්න සිද්ධ උනත් නැති නාස්ති කරන්නෙ නම් නැහැ කවදාවත්.
ගමරාළ : මේ දෑවැද්ද ගැන හුඟාක් කටයුතු කළේ අපේ කපු මහත්තය. බෑන අපේ ජාතියේ නූනට කිසි ම වෙනසක් කරන්න හොඳ නෑ කියල කපු මහත්තයා කිවෛව. කපු මහත්තය ම තමයි අන්න අහවල් දේ දෙන්නය කියල කිව්වෙත්.
නරියා : අනේ කොයිතරම් එකක් ද ඒක කපු මහත්තය.
කපුරාළ : අපි ඒක ගෙනත් එළියෙන් තිබ්බ. හරි අමාරුවෙන් වාරු කරගෙන ආවෙ. මහ බර පෙට්ටියක්.
නරියා : හුඟක් බරට එහෙනං දේවල් ඇති...හුඟක් වටින දේවල්..මොනව ද කන කර බඩු ද?...ඇයි ඔය තරම් කරදර උනේ ඔව්ව ගැන. මම නං ඇත්තට ම දෑවැද්දක් ගැන හිතුවෙවත් නෑ. බොරු කියනනෙ මොනවට ද?
ගම මහගෙ : මොනව ද ඉතින් දුව සතුටු දේ තමයි අපි ගෙනාවෙ.
නරියා : හුඟක් කරදර වෙන්න ඇති ගේන්න...අනේ මොනවට කරදර උනා ද...මොනව ද ඇත්තට ඇඳුම් ආයිත්තන් ද?
ගම රාළ : බෑන ම බලන්නකො. මොනවට ද අපි විස්තර කරන්නෙ. විස්තර කළහම අගෙත් නෑනෙ.
නරියා : මගෙ අම්මේ ඔය හැටි බර පෙට්ටියක් කොහොම ද උස්සගෙන ආවෙ.
ගම රාළ : ඕක මොකක් ද බෑනො. ඉතින් අපි ඒක ගේ ඇතුළට ගත්තෙත් නෑ. අපිත් ඉතින් තව ම ආගන්තුක හින්ද.
ගම මහගෙ : හිටින්න ඒක නේන්නං ඔච්චර දුර ගෙනත් ඔය පෙට්ටිය මමවත් ගේ ඇතුළට ගේන්න.
(ගම මහගෙ නරිය දෙස බලා දොර වෙතට යන්න තැත් කරයි. නරියා වහා ඈ නවතයි.)
නරියා : පිස්සුද නැන්දෙ. මෙන්න මෙහාට වෙන්න. කෝ මම ගේන්න ඒක. පෙට්ටිය ඇරල බලනකං ඉතිං මට නිවනක් නෑ.
ගමරාළ : එහෙනං මෙන්න බෑනො යතුර.
(ගමරාළ යතුර දෙයි. සියල්ල නරියා යන දෙස බලා සිටිති. නරියා පිට වී නැවත ආපසු පැමිණෙයි. ගම දුව අමතයි.)
නරියා : ඔයාට ගෙනාපුවනෙ. මට අයිතියක් නෑනෙ. ඔයා ම බලන්න.
ගම මහගෙ : අනේ බෑනො දූට කියල ගෙනාවට අපි ඕව බාරදෙන්නෙ බෑනට.
නරියා : නැන්දලා මාමලා හිතනව ඇති මම දෑවැද්දට ලෝබ යි කියල.
ගම මහගෙ : පිස්සු ද බෑනො. අපේ බෑන අපට විශ්වාස නැද්ද.
(නරියා පිට වෙන්න ගොස් නැවත ආපසු බලයි. එවිට ඒ දෙස සියල්ලෝම බලා සිටිති. ඔහු සිනා මුහුණක් දක්වා පිට වෙයි. සැණෙකින් නරියා යටි ගිරියෙන් හූ කියමින් වේගයෙන් පිවිසෙයි. ඔහු පසු පස්සේ බල්ලෙක් ලුහු බඳියි.)
ගම දුව : තාත්තෙ, තාත්තේ මගෙ දඩෝරිය නේද, උසි උසී දඩෝරිය.
(තවත් වරක් බල්ලා නරියා පසු පස පන්නන විට ගමරාළ පැන බල්ලා අල්ලා ගනී. නරියා අසල ගලක් මතට නගියි.)

නරියා :
පිං ඇති පිං ඇති පිං ඇති නැන්දේ
පිං ඇති පිං ඇති පිං ඇති මාමෙ
පිං ඇති නැන්දෙ පිං ඇති මාමෙ
මෙහෙම ද උඹලා දෑවැදි දෙන්නේ
ගමරාළ :
ඇයි බෑනෝ බය උනා ද
දැවැද්ද ගන්නෙ නැද්ද
නරියා :
පිං ඇති නැන්දෙ පිං ඇති මාමෙ
මට නං දෑවැදි ඕනැ ම නැත්තේ
දෝණිය විතරක් දීගෙට දෙන්නේ
දෑවැදි අරගෙන යන්නට යන්නේ
ගම මහගෙ :
බෑ බෑනෝ ඒ කරන්න
දෑවැදි නං ගන්න ඕනෑ
නැති නං අපි දූ අරගෙන
අපෙ ගෙදරට එක්ක යනව.
නරියා :
පිං ඇති නැන්දෙ පිං ඇති නැන්දේ
දුව දෙනව යි මට කිව්වේ නැද්දෝ
එහෙනං ඇයි ඈ අරගෙන යන්නේ
බොරු කිව්වට ඔබ නිරයට යන්නේ
මහ ගමගෙ :
දෑවැද්දත් දෙනව කිව්ව
ඇයි එහෙනං ඕනැ කිව්වෙ
ඔන්න දුව යි දෑවැද්ද යි
මෙන්න යනව අපි යන්නට (බල්ලා අරින්න තැත් කරයි)
නරියා :
මගෙ බුදු නැන්දේ මගෙ බුදු නැන්දේ
බල්ල ව නං අනෙ අත නාරින්නේ
දුවත් අරගෙන යන්නට යන්නේ
අපගේ නෑකං අතහැර ගන්නේ
මිනිසුන් තිරිසන් නෑ ගැළපෙන්නේ
දැන්නං හොඳට ම එය තේරෙන්නේ
මසුරං දුන්නත් මින්පසු මන්නේ
තරමට වැඩියෙන් නෑ ඉඳිමෙන්නේ
(නරියා පිට වේ. ගමරාළ, බල්ලා ගමදුව අතට දෙයි. ගමරාළ,ගම මහගෙ සහ කපුරාළ ගී ගයමින් නටතී.)
දුව දෙනවයි කිව්ව හින්ද අපි ඈ දුන්නා
දෑවැද්දත් ඉල්ලූ හින්ද ඒකත් දුන්නා
දුවයි දෑවැදි සේරම දුන්නා
බෑනා ඒවා ආපසු දුන්නා
ඉතිං අපි මක් කරම් ද
වරෙං දුවේ ගෙදර යන්ඩ
(සියල්ලෝ නටමින් ගම ගෙදර බලා පිටත් වෙති.)

නළු නිළියන්ගේ මංගල ගීය
දොසක් ඇතත් අප රැඟු මෙහි අද දින
රොසක් නොවී සිටි ඔබ හට හැම දින
තොසක් ම වේවා ජය වී දින දින
උදක් ම අපි සැම පතනෙමු නම මින
රොසක් නොවී සිටි ඔබ හට හැම දින
තොසක් ම වේවා ජය වී දින දින
උදක් ම අපි සැම පතනෙමු නම මින