තෝ ව දෙන්නෙත් නරියටයි
තෝ ව ගන්නෙත් නරියෙකුටයි
තෝ ව දෙන්නෙත්
තෝ ව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි.
තෝ ව ගන්නෙත් නරියෙකුටයි
තෝ ව දෙන්නෙත්
තෝ ව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි.
ගම මහගෙ : ඒ මම කිව්වෙ නිකමටනෙ, නරියෙකුට දෙන්න හිතාගෙනයැ.
නරියා : නිකමට උනත් කොහොමට උනත් කිව්වනෙ ඉතින් වචනෙට වැඩ කරන්න ඕනෑ. අපේ ජාතියෙ නම් ඉතින් කිව්වොත් කිව්ව ම යි. මනුස්සයො වෙච්චහම කොහොම වෙන්න ඕනැ ද.
ගමරාළ : උඹ එහෙම එකක් කිව්ව ද කොහොම හරි?
ගම මහගෙ : එහෙම එකක් නම් කිව්ව. කව්ද ඉතින් මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ.
ගමරාළ : ඇත්තට ම කිව්ව ද?
ගම මහගෙ : ඔව්..කිව්ව...කාටද බරක් හෑල්ලුවක් තේරෙන්නෙ ඔහොම වචනවල.
ගමරාළ : ඕක තමයි කියන්නෙ ගෑනුන්ගෙ මොළේ හැඳි මිටේ දිගය කියල. දැන් ඉතින් එහෙම වචනයක් දීලා තියෙනව නම් කොහොම ද ඒක කඩන්නෙ ආගම දර්මෙට විරුද්ධ ව, දැන් ඉතින් දුව දෙන්න ඕනෑ නරි උන්නැහැට. වචනයක් කිව්වොත් ආයෙත් ඒක කඩන්න හොඳ නැහැ. (කපුරාළට) ඈ කපු මහත්තය, කොහොම ද ඉතිං අපේ අර කටයුත්ත කරන්න හැටියකුත් නෑ. මුල් වචනයක් දීලා තියෙනවනෙ මේ ගෑනි. දැන් ඉතින් නරි උන්නැහැට දුව දෙන්න වෙනව.
කපුරාළ : (පුදුමයෙන් හා කෝපයෙන්) ඒක ඉතින් ඔහෙලගෙ කැමැත්තක්.
ගම මහගෙ : (ගමරාළට) අනේ දෙයියනේ අපේ ජාතියකවත් වෙච්ච දෙයක් ද මේ වෙන්න යන්නෙ. මගෙ දුව නරියෙකුට දුන්න හැකි ද?
නරියා : හා හා ඕකට ඉතින් ඔය හැටි කෑ ගහන්න ඕනැයැ. අපේ ජාතියෙත් ඔහොම දෙයක් නම් වෙලා නෑ තමයි කවදාවත්. නමුත් ඉතින් කටයුතු යෙදිල තියෙන විදියට වැඩ කරන්න එපායැ.
ගම මහගෙ : (කපුරාළට) අනේ කපු මහත්තයෝ මේ මොන නස්පැත්තියක් ද වෙන්න යන්නෙ. කපු මහත්තය වත් පිහිට වෙන්න.
නරියා : මමත් සෝදිසියෙන් තමයි හිටියෙ කපු මහත්තය මෙහාට එනකොට, ඉතින් වැඩ දිග්ගැස්සෙන්න ඉසසරවෙලා මතක් කරන්නයි ආවේ. මම මේ එසේ මෙසේ නොවෙයි, සිඟාල ගෝත්තරේ.
ගම මහගෙ : අනේ කපු මහත්තය මොක ද ඉතින් කරන්නෙ.
ගමරාළ : (ගම මහගෙට කෝපයෙන්) මොනව ද ඉතින් කරන්නෙ. උඹ කිව්වනෙ දුව දෙනව කියල නරි උන්නැහැට. දැන් ඉතින් දෙන එක මිසක් කෑගහන්නෙ මොනවට ද?
ගම මහගෙ : අනේ කපු මහත්තයවත් මොකක් හරි කල්පනා කරල මේක බේරුමක් කරන්න. ඒක පොඩි කට වැරැද්දක් කියන්න.
කපුරාළ : (මදක් කල්පනා කර), බයවෙන්ඩ එපා මේ කටයුත්ත මට භාර දෙන්නකො. කාටත් හිරිහැරයක් කනගාටුවක් ඇති නොවන විඒියට සමාදානෙන් වැඩේ ඉෂ්ට කරන්නම්කො.
ගම මහගෙ : මොකක් හරි කරල දුව බේරල දෙන්න අනේ කපු මහත්තයො.
නරියා : සමාදානෙන් හරි කොහොම හරි වචනෙ ඉෂ්ට කරන්න ඕනෑ. ඒක යි මට ඕනෑ කරන්නෙ.
කපුරාළ : ඔව්, අපි ආගම ඒර්මෙ අනුව ජීවත් වන හින්ද වචනයක් දීලා තියෙනව නම් ඒක කඩන්නෙ නෑ...තේරුනා ද නරි උන්නැහැ. හොඳයි ඔහෙට අපි ඒ ළමය ව දෙන්නම්. නමුත් අපේ සිරිත් විරිත් අනුවයි ඒක කරන්නෙ.
ගම මහගෙ : අනේ කපු මහත්තයා මොකක් ද මේ කතාව.
කපුරාළ : පොඩියක් ඉන්නකො මම වැඩේ හරියට කරන්නම්කො.
නරියා : ඔව් ඉතිං අපි අතරෙ උනත් සිරිත් විරිත් කියල දේවල් තියෙනව එච්චර ගරු කරන්න ඕනෑ.
කපුරාළ : දුවෙක් දෙනකොට අපේ නොයෙක් සිරිත් විරිත් තියෙනව. එව්ව පිළිපදින්න ඕනෑ.
නරියා : ඔව් ඔව් එව්ව උතුම් සිරිත්, එහෙනං අපි දැම්ම ම ඒ ළමය ව ගෙන්නල කාරණේ ඉෂ්ට කරමු නේද? කවුරුත් සතුටු හින්ද මොනවට ද ඔව්ව පරක්කු කරන්නෙ.
කපුරාළ : ඔව් නරි උන්නැහැගෙ කීම හරි අපි දැන්ම ම මේක කරමු.
ගම මහගෙ : (දෑත් අහසට නඟා) අපොයි දෙයියනේ, අනේ මේ මොකද වෙන්න යන්නෙ. කවුරුවත් නැද්දෝ. අනේ දුවේ. (ගමරාළට) අනේ එක පාරට ම දුන්නැහැකි ද මඟුලක්වත් කන්නෙ නැතු ව.
කපුරාළ : හා හා හාමිනේ දැන් මේ වෙලාවේ ඔව්ව ගැන හිතන්න එපා. මේ කටයුත්ත සද්දයක් බද්දයක් නැතු ව අද ම කරල ඉවර කරමු. නරි යන්නැහැ කියන එක හරි. මේ විදියෙ දේවල් මොනවට ද පුරසිද්ද කරන්නෙ.
ගමරාළ : කපු මහත්තයගෙ කතාව ඇත්ත. දැන් කටයුතු යෙදිල තිබෙන හැටියට දුව දෙන්න ඕනෑ නරි උන්නැහැට. ඒකේ තවත් වචනයක් නෑ. මඟුලක් නොකෑවත් කල් අරින එක හොඳ නෑ පුරසිද්ද වෙන්න ඉඩ තියෙනව...

(නරියා දෙසට හැරී) මේ නරි උන්නැහැ එහෙම අහිතක් හෙම හිතන්න එපා අපි එහෙම වචන කිව්වට. නරි උන්නැහැ බාල කෙනෙක් කියල හිතාගෙන අපි මේ කටයුත්ත පුරසිද්ද නොකරන්න හදනව කියල හිතන්න එපා. දන්නෙ නැද්ද ඔය මඟුල් තුලා වෙච්චහම අපේ මිනිස්සු හරි මෝඩ යි.
නරියා : මමත් ඔය පුරාජේරුවට සතුටු කෙනෙක් නොවෙයි. ඔව් අපි දැන් ම මේකෙ ඉවරයක් කරල දානව නම් මම හරි සතුටු යි. මගෙ ගෙදර කිසි ම අඩුපාඩුවක් නෑ.
කපුරාළ : ඒව ඔක්කොම හරි නරි උන්නැහැ. ඉතින් අපේ වැදගත් ම සිරිතක් තියෙනව අපට කඩන්න බැරි. ඒක තමයි දෑවැද්ද. දුවෙක් දුන්නොත් දෑවැද්ද දෙන්න ම ඕනෑ. නැත්නම් ඒක මහ අඩුවක් වාගේ හිතට කිසි ම පිරිතියක් නෑ කාටවත්. ඉතින් නරි උන්නැහැ මනමාලිත් එක්ක දෑවැද්දක් බාර ගන්න ඕනෑ. හිතන්න එපා අපි මේ නරි උන්නැහැ දෙයක් පොළක් නැති කෙනෙක් කියල හිතාගෙන මේ දැවැද්ද දෙන්න හදනව කියල. දන්නෙ නැද්ද අපි බොහොම සිරිත් විරිත්වලට ගරු කරන උදවියනෙ.
නරියා : අනේ...ඔව්ව කොයි තරම් හොඳ සිරිත් ද, අපේ ජාතියෙ උනත් ඒක තමයි අපි හුඟක් ම ගරු කරන සිරිත.
ගම හාමිනේ : දෙයියනේ මටනං බැරියෝ මේකට ඉඩ දෙන්න.
කපුරාළ : මේ මේ හාමිනේ කෑ ගහන්න එපා. මම අත ගහපු දෙයක් ආයෙ නරක් කරන්නෙ නැහැ. මම කිව්වනෙ මට මේ කටයුත්ත බාර දෙන්නය කියලා. මම නරි උන්නැහැටවත්, දෙමව්පියන්ටවත්, මනමාලිටවත්, කාටවත් අන්තිමේ අහිතක් අසාධාරණයක් ඇති නොවන විදියට කටයුතු කරන්නම්කො.
ගමරාළ : (ගම මහගෙට) කපු මහත්තයත් මොකක් හරි කල්පනා වෙන්නෙ මේ කටයුත්තට අත ගැහැව්වෙ. ඒකනෙ ඔය හැටි කියන්නෙ.
නරියා : කපු මහත්තයගෙ කතාව බොහොම වටිනව. බොහොම පැහැදිලි යි.
ගමරාළ : දුවේ මෙහාට වරෙං (ගම දුව පැමිණේ)
මොනව කරන්න ද දුවේ උඹ ඉතිං ඔය කියාගෙන ආපු දෙයක් තමා මේ සිද්ද වෙන්න යන්නෙ.
ගම මහගෙ : අනේ දුවේ මං උඹ ව නරියෙකුට දීල ඉතිං ඉන්නෙ කොහොම ද? (ගම දුව වැලඳගෙන හඬයි)
ගලරාළ : (ගම මහගෙට) දැන්ද තේරෙන්නෙ ඕක තමයි කියන්නෙ දුර දිග බලල වචන කියන්න ඕනැයි කියල.
ගම දුව : (පුදුමයෙන්) අනේ මා ව මේ නරියට දෙන්න ද?
ගමරාළ : ඔව් දුවේ, උඹේ අම්ම වචනෙ දීල තියෙනවනෙ.
ගම දුව : අනේ මට නං බැරියෝ. (ගම මහගෙ වැලඳ ගනියි)
කපුරාළ : හා හා එව්ව සේරම මට බාර දෙන්නකො...මම කිව්වනෙ කාටත් හිතේ හැටියට වැඩේ කරන්නම් කියල. හා එන්න නරි උන්නැහැ මනමාලි ව බාර ගන්න.
ගම මහගෙ : අනේ මගෙ රත්තරං දුවේ අපොයි මං උඹ ව නරියෙකුට දීල ඉතින් ඉන්නෙ කොහොම ද?
ගමරාළ : අනේ දුවේ කරන්න දෙයක් නෑ හොඳින් ඉන්න බලාපන්.
(ගමරාළ කඳුළු පිසිමින් දුව නරියාට පාවා දෙයි.)
ගම දුව : අනේ මට නම් බය යි අම්මේ මොනව වෙයි ද කියල.
නරියා : (ගම දුවට) ඇයි මේ වාගෙ සන්තෝස වෙලාවක කනගාටු වෙන්නෙ. දැන් ඉතින් දෙමව්පියන්ට කියල සමුගන්න යන්න.
ගම දුව : අනේ අම්මේ මට නං තේරෙන්නෙ නෑ මොනව කරන්න ද කියල...මටනං බය යි අම්මේ....
ගම මහගෙ : අනේ දුවේ පුළුවන් හැටියකට කටයුතු කරල ජීවත් වෙයං වෙච්ච දේට මොනව කරන්න ද?
ගම දුව : අනේ අම්මේ මට නං මොකක් ද වගේ.
නරියා : බය වෙන්න එපා එව්ව ඔක්කොම හරි. මං බලාගන්නංකො. මොනවයින්වත් කිසි ම අඩුපාඩුවක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.
කපුරාළ : හොඳම යි නරි උන්නැහැ. ඉතිං අපේ සිරිත් අනුව හෙට නෑගං එනකොට දෑවැද්දට දෙන දේත් අරං එනව.
නරියා : අපි මඟ බලාගෙන ඉන්නව.
ගමරාළ : අනේ බෑනෝ දුව හොඳට බලා ගන්න ඕනෑ.
ගම මහගෙ : අනේ දුවේ ප්‍රවේසං වෙයං... අනේ ඕකි නොදන්න කෙල්ල නරි බෑනෝ... අනේ මටනං බයේ බෑ මොනව වෙයි ද කියල.

(ගම පවුල හා කපුරාළ ඉවත් වෙති. නරියා ගම දුව රැගෙන සිය නිවෙස බලා පිටත්වෙයි. ඈට නරියා සැනසිලි බස් කියයි.)
නරියා : කුමට ද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිමි
ගිරි හෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විහිරුණ සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිඳින්නම්
මම මගෙ ආදරෙ පෙන්වන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විහිරුණ සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිඳින්නම්
මම මගෙ ආදරෙ පෙන්වන්නම්
තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමළියෙ ආදර බස් දෙන්නම්
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමළියෙ ආදර බස් දෙන්නම්
(නරියා හා ගම දුව ඈත වනයට පිටවෙති)