සිංහල නාට්‍ය කලාවේ මූල බීජය හට ගන්නේ දේශිය ශාන්තිකර්ම වලය. ශාන්තිකර්ම වල නාට්‍යමය ලක්ෂණ සහිතව සොකරි වල ශාන්තිකර්මයක ලක්ෂණත් නාට්‍යමය ලක්ෂණත් සම්මිශ්‍රව පවතී.
සොකරි නාට්‍ය අපට උඩරට හා වන්නිය යන පළාත් වල හමුවන පැරණිම ගැමි නාට්‍යයි. සොකරි නාටකය බහුලව රඟදක්වන ලද්දේ ගොවියන් තම අස්වැන්න නෙලා ගෙට ගත් පසු වැඩ නිම වු කමතේය.
කමතේ රඟදක්වන සොකරී නාට්‍ය සදහා රංගනයෙන් දායක වන්නේ පිරිමින් පමණකි. ස්ත්‍රී චරිත පිරිමින් විසින්ම රඟදක්වයි. ඔවුන් ඒ සදහා ස්ත්‍රී ඇඳුම් ආයිත්තම් වලින් සැරසි සිටිති.
සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ මාධ්‍ය, අනුකරණය භාවිත කල රංග ශෛලියකි. සියළුම අවස්ථා ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම ආදි අවස්ථා නළුවන් රඟ මඩලේ අනුකරණයෙන් කර පෙන්වයි.
මෙම අතරදී එම කාර්යයන් ගැන කියැවෙන කවි ගායනා කරයි. සොකරි නාට්‍ය මුල සිට අග දක්වාම සියළුම සිද්ධි,අවස්ථා අනුකරණයෙන් දැක්වේ. නාට්‍යක මෙන් නොව, සොකරි ගුරුන්නාන්සේ රංග භූමියේ ප්‍රධානියාය. ඔහු කියනා කවිය අනිකුන් සියලු දෙනා එක්ව ගායනා කරති. එකවරකට ගායනා කරන්නේ එක පදයකි. එක දිගට කවි කීමක් නැත.
ලංකාවට පැමිණෙන අතර සත් සමුදුර තරණය කරන අයුරු දක්වන කවිය මෙසේය.
මහා මහුදට නැව ඇවිත් බසින්නේ
මහා මුහුදෙ නැව ගමනි බොලන්නේ
ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කළු මහුදට නැව ඇවිත් බසින්නේ
කළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කර මහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහුදෙ නැව ගමනි බොලන්නේ
මේ ආකාරයට සොකරිය වී වෙලීම,ගෙපල තැනීම,මැටි ගෑම ආදි අවස්ථාද අනූරූපණයෙන් ඉදිරිපත් කරන අතර ඒ ගැන කවි ගයනා කරනු ලැබෙ.
එමෙන්ම මෙම සොකරි නාටක තුළදි එක් එක් චරිත ඟපෑමට වේදිකාවට එන විට, එම චරිත හදුන්වා දීමට ඒ ඒ චරිත සඳහාම නිර්මිත කවි ගායනා කරනු ලැබේ මෙහිදි නළුවා වෙදිකාවට පැමිනෙන අතර කවි ගායකයන් එම චරිතයට අදාල කවිය ගයනා කරමින් ප්‍රෙක්ෂකයාට චරිතය හදුන්වාදෙති.