සිහිකිරීම
 

නාට්‍යය මංගල දර්ශනයෙන් පසු බොහෝවිට මීළඟ දර්ශනය නුදුරු දිනයක තිබුණත් එය පිළිබඳ මතක් කිරීම නිබඳ අවශ්‍යතාවයකි. මන්ද, කාර්ය බහුල ජනයාට නාට්‍යය පිළිබඳ නිබඳ මතකයක් නැත. ඒ බැවින් කළ යුත්තේ ඉදිරි දර්ශන පිළිබඳ පුවත්පත් දැන්වීම්, අත්පත්‍රිකා, බැනර්, ආදි උපයෝගි කොට මතක් කිරීමයි. මෙහිදී මෙම කාර්යට යොදා ගන්නා ප්‍රචාරක උපක්‍රම නාට්‍යයේ සුවිශේෂතා බහුල ලෙස උලුප්පමින් කෙරෙන සිහිකිරීම තුළින් නාට්‍ය බැලීමට ඇති රුචිය හෝ අවධානය කල හැකි දෙයකි.

සාකච්ඡා හා සංවාද

නාට්‍යකදී මෙය ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි. නාට්‍යයක් පිළිබඳ සංවාදයක් ඇතිවීම ඉතා හොඳ දෙයකි. නාට්‍ය පිළිබඳ සාකච්ඡා සංවාද ගොඩ නැගීම අවශ්‍ය දෙයකි. මෙය යම් කණ්ඩායමක් හෝ නිෂ්පාදනය විසින් කළ හැකි දෙයකි. මෙහිදී නිෂ්පාදක කළමනාකරු අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීම හෝ සම්බන්ධීකරණය කිරීම අවශ්‍ය වේ. සම්බන්ධීකරණය අවශ්‍ය වන්නේ පිටස්තර පිරිසක් සංවිධානය කිරීමේදීය. ඔවුන් සමඟ එකතු වී හෝ අදාළ අයට ලිපි යැවීම, මතක් කිරීම, ප්‍රචාරණය කිරීම ආදිය තුළින් සාකච්ඡා/සංවාද තලයට පමණක් නොව නාට්‍යයටද මෙයින් විශාල ප්‍රචාරයක් ලැබෙන බව අමතක නොකළ යුත්තකි.


දර්ශන සංවිධාන කටයුතු

නාට්‍ය මංගල දර්ශනයෙන් පසු වේදිකා කළමනාකරු පූර්ණ වශයෙන් නාට්‍ය භාර ගැනීම සිදු වේ. එම නිසා නිෂ්පාදකගේ/අධ්‍යක්ෂකගේ කාර්යය අවසන් වූ පසු වේදිකා කළමනාකරු නාට්‍ය පවත්වාගෙන යාමේ වගකීම දරන්නාද වෙයි. මෙහිදී ඉදිරි දර්ශන පිළිබඳ නිවැරදි සැලැස්මක් තිබීම අවශ්‍ය දෙයකි. නිෂ්පාදක/අධ්‍යක්ෂක විසින් තවත් පුහුණුවීම් අවශ්‍ය බව දන්වන්නේ නම් ඒ සඳහා කල්වේලා ඇතිව දින වෙන් කිරීම ද වේදිකා කළමනාකරු කළ යුතුය.

එම කාර්යන් සම්පාදනය කළ පසු ඉතාම බාරදූර කාර්යයක් ඇත. එය නම් දර්ශන සඳහා කළමනා කටයුතුය. මුලින්ම දර්ශනයක් සඳහා ශිල්පීන් පොදු ස්ථානයකට ඒක රාශි කොට ගන්නවාද? අනෙකුත් ශිල්පීන් (පසුතල කළමනාකරණය කිරීම වේදිකා පරිපාලක කරයිද? ඔහුගේ සහායකයින් එම කාර්ය නිසි ලෙස කරයි ද?) ආදී ප්‍රශ්නත්, දර්ශනය දිනයේ කෑම බීම ගන්නේ කෙසේද? එහි ප්‍රමාණය කෙතරම් ද? යන්න තීරණය කල යුතු වන්නේය. ඉන් අනතුරුව දර්ශනය සඳහා අවශ්‍ය අමතර කළමනා (ඉටිපන්දම්/හුණු කැබලි ආදි) ගෙන්වා ගත හැකි බව හෝ සොයා ගැනීම කළ යුතු වන්නා සේම දර්ශනයේදී කළ යුතු කාර්යන් වේදිකා පරිපාලක හා අනෙකුත් සහයකයින් නිවැරදි කරයි නම්, වේදිකා කළමනාකරු කළ යුතු වන්නේ නැවත තම ශිල්පීන්ට ගෙවීම් පිළිබඳ කටයුතු සම්පාදනයයි. එහිදී ගෙවීම් පිළිබඳ කටයුතු සම්පාදනය නිෂ්පාදන කළමනාකරු කරන අතර ඔහුට සහාය වීම මෙහිදී සිදු වේ.

වඩා වැදගත් කාර්ය වන්නේ රාත්‍රියේදී ශිල්පි ප්‍රවාහණය පිළිබඳ ප්‍රශ්නයයි. ශිල්පීන් බහුතරයක් වෙසෙන නගරයක දර්ශනයක් නම් එය එතරම් ගැටලුවක් නැත. පිටපලාතකට ගොස් දර්ශනයක් පෙන්වීමේදී රාත්‍රිය ඉක්මවූ විට මුලින්ම සියලු ශිල්පීන්ගේ ගමන් මඟ පිළිබඳ සැලසුමක් සාදා ගමන් ඇරඹීම ඉතා අගනා දෙයකි. ළඟට ඇවිත් තීරණය නොකර මුලින් ළඟම කෙනා ඇරලවීම සිට අවසානයට බසින කෙනා දක්වා මාර්ග සැලසුම් ක්‍රමයක් තිබීම අවශ්‍ය දෙයකි. යම් විටෙක වේදිකා කළමනාකරු ගමන් මාර්ගයේ අනෙක් ශිල්පීන්ට කලින් නවතින අයෙකු නම් මාර්ග සැලසුම් රියදුරු සහායකට දීම අවශ්‍ය දෙයකි. මෙවැනි කාර්යන් සම්පාදනය කිරීමට වේදිකා කළමනාකරු සියලු දෙනා සමඟ ඉතා සුහදශීලිව සිටීම අවශ්‍ය දෙයකි. නැතිනම් නාට්‍ය හා විශාල අර්බුද මතු විය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017