පසු කළමනාකරණය
 

බොහෝ නාට්‍යයන් නිෂ්පාදනය කොට මංගල දර්ඡනයෙන් පසු එම නිෂ්පාදනවල ඒ පිළිබඳ පසු කළමනාකරණයක් සිදුවන්නේ නැත. නමුත් පසු කළමනාකරණය අවශ්‍ය වන්නේ නාට්‍යයක වැය කල ශ්‍රම/මූල්‍ය දායකත්වය තීරණය කිරීමටය. එසේ නාට්‍ය පිළිබඳ පසු ප්‍රචාරණ කටයුතු නාට්‍ය පවත්වාගෙන යෑම පිළිබඳ කටයුතු සම්පාදනයයි.

පසු කළමනාකරණයේ මූලික වන්නේ මූල්‍ය හා ශ්‍රම ඇගයීම සැකසීමයි. ඒ සඳහා නාට්‍ය සඳහා වූ වැය මුලින් ගණනය කිරීම හා අප මුලින් සෑදූ වැය ලේඛනය ඉක්මවා ගොස්ද? නැතිනම් එය අඩුවෙන් වැයවී ඇතිද? නැතිනම් අනවශ්‍ය වියදම් මොනවාද? දිනකට පුහුණුවීම් සඳහා කොතරම් මුදල් අවශ්‍යද? දිනකට දර්ශනයක් සඳහා වන වැය කොතරම්ද? පිට පළාතක් සඳහා දර්ශනයකදී වැය කොතරම්ද? ආදී කරනු ඇගයම් කලහැක.

එසේම නාට්‍ය පුහුණුවීම් කාලයේ පුහුණුවීම් සඳහා අඩුවෙන් පැමිණියේ කවරෙක්ද? නියමිත පුහුණුවීම් සඳහා පැමිණියේ කවරෙක්ද? ප්‍රමාද වුයේ කවරෙක්ද? ඒවාට විසඳුම් මොනවාද? ආදී කාරණා වෙනුවෙන් උත්තර සොයා ගත හැක. පසු කළමනාකරණයේ අවසාන අදියරය නම් පසු නිෂ්පාදන කටයුතු කිරීමයි.

ඒ සඳහා මුලින්ම කළ යුත්තේ දර්ශන සංවිධායකවරුන් දැනුවත් කිරීම හා සොයා ගැනීමයි. මෙය, සංවිධායක වරයෙක් සිටීනම් ඔහු සමඟ කල යුතු දෙයකි. එසේම දුර පළාත්වල සිටින සංවිධායකවරුන්ට ලිපි යැවීම ඔවුන් හා සම්බන්ධතා පවත්වාගෙන යාම ආදී කළ යුතුය.

පසු ප්‍රචාරණය/විචාර

නාට්‍යයක මංගල දර්ශනයෙන් පසු උදාවන දුක්බරම සිදුවීම මෙය විය හැකිය. අප රටේ විචාර ලියන්නන් දුර්ලභ වීම විශාල අඩුපාඩුවකි. එය වෙනමම කාර්යක් වෙයි. කෙසේ නමුත් පසු ප්‍රචාරණයේ මුල් අදියරය වන්නේ විචාර පිළිබඳ අවධානයෙන් සිටීමයි. බොහෝ විට නාට්‍ය පිළිබඳ විචාරයක් නාට්‍යයට ලැදි අයෙකු ලිවිය හැක. එසේම කෙනෙකුට කියා විචාර ලියාගැනීමද සිදුවෙයි. මෙයින් කවර නම් ක්‍රමයක් වුවත් පසු ප්‍රචාරණයට වැදගත්ය.

විචාරයන් තුළින් බොහෝවිට කළ හැක්කේ සමාජයේ පිළිගත් අයෙකු ලියූවිට එය උපයෝගි කොට පුවත්පත් දැන්වීම්, අත්පත්‍රිකා ආදියෙන් ප්‍රචාරණ කටයුතු ඇරඹීමයි. ඒ සඳහා ඉතා උචිත හා හොඳම පාඨය තෝරා ගැනීම හෝ කොටස් කිහිපයක් තෝරා ගත හැකිය. එයද නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය දෙයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017