නාට්‍යයක් සඳහා සිනමා ශාලා ප්‍රචාරණය ලබා ගැනීම සිදු ෙනාවූ කාර්යක් වුවත් විටින් විට ඉතා දුර්ලභ අවස්ථාවන් කිහිපයක එවැනි ප්‍රචාරණයන් ලබා ඇත.
මෙහිදී ප්‍රචාරණය බොහෝ විට සිදුවන්නේ නාට්‍ය පිළිබඳ වූ විස්තරය දැන්වීමක් ආකාරයට සකසා සිනමා දර්ශනය ආරම්භයට පෙර හෝ විවේක කාලයේ දී ප්‍රචාරය කිරීමයි. නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ වෙනත් නගරයකට ගොස් පෙන්වන දර්ශනයක් නම් එම නගරයේ සිනමා ශාලාවට ඉහත දැන්වීම් ප්‍රචාරය තුළින් සැලකිය යුතු ප්‍රචාරයක් ලබාගත හැක. එසේ ප්‍රචාරය කිරීම ඉතා ප්‍රතිඵල දායක විය හැක. සිනමා ශාලා මගින් ප්‍රචාරය ඉතා මිල අඩු ප්‍රචාරයක් වුවත් අප නාට්‍ය කරුවන් ඒ පිළිබඳ අවධානයක් යොමු නොකර සිටින්නේ මන්දැයි ප්රශ්නයකි.
(ඉහත පුවත්පත්, පෝස්ටර්, අත්පත්‍රිකා, බැනර්, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාශාලා වැනි ක්‍රම මගින් ප්‍රචාරණය ලබා ගැනීමේදී කළමනාකරු එම ආයතන වල සම්බන්ධතා ඇති කර ගත හැකි පුද්ගලයන් පිළිබඳ තොරතුරු සැලසුම් පතක් තිබිය යුතුය.)
මුද්‍රණ කටයුතු
නාට්‍ය සඳහා මුද්‍රණ කටයුතු පිළිබඳ අවබෝධයක් අතවශ්‍ය බව බොහෝ අය සිතුවත් එය කළමනාකරුවෙකුට ඉතා අවශ්‍ය අංගයකි. නාට්‍යයක මුද්‍රිත කටයුතු කිරීමේදී එය කුමන මුද්‍රණ ක්‍රමයකින් කළ යුතුද යන්න දැන සිටීම ඉතා අවශ්‍ය දෙයකි. මුද්‍රිත මාධ්‍ය සඳහා අද වන විට ප්‍රධාන තවත් තාක්ෂණ ක්‍රමයක් ඇත. ඒවා නම්,
1. Offset (ඕෆ් සෙට්)
2. Screen Printing (ස්ක්‍රීන් ප්‍රින්ටිං)
3. Duplo (ඩුප්ලෝ)
බොහෝ විට අත්පත්‍රිකා, සමරු කලාප, ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා සුදුසුම ක්‍රමය නම් "Offset" මුද්‍රණ ක්‍රමයයි. මේවා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමේදී මිල ඉතා අඩුවෙන් කල හැක. පෝස්ටර් වුවත් මෙමගින් මුද්‍රණය කළ හැක.
බැනර්, පෝස්ටර් වැනි දේ බොහෝ විට "Screen Printing" ක්‍රමයට මුද්‍රණය කෙරේ. පෝස්ටර් සඳහා බහුලව භාවිතා කටනුයේ මෙම ක්‍රමයයි. එය මිල අඩු හා අඩු කාලයකින් කරගත හැකි ක්‍රමයයි.
"Duplo" යනු අද වන විට රෝණියෝ මුද්‍රණ ක්‍රමය වෙනුවට පැමිණි, තත්ත්වයෙන් උසස් මුද්‍රණ ක්රමයකි. මෙයින් කෙරෙන්නේ පරිගණකයෙන් ගන්නා ලද පිටපතක් "Photo Copy" ක්‍රමයට මුද්‍රණය කිරීමයි. නමුත් මෙයින් මුද්‍රණය කලහැකි විශාලත්වය වන්නේ, A4 ප්‍රමාණයේ කොල පමණී. ඊට විශාල ඒවා හැකිවූවත් මිල ඉතා ඉහළ නිසා කල නොහැකි දෙයකි. අත්පත්‍රිකා වැනි දේවල් මුද්‍රණය කිරීමට අදවන විට පහසු දෙයකි.
සැ.යු. - මුද්‍රණ ක්‍රම පිළිබඳව අධ්‍යයන කිරීම අවශ්‍ය දෙයක් වූවත් ශ්‍රී ලංකාව වැනි රටක එය ඉතා අපහසු කටයුත්තකි. කෙසේ නමුත් මුද්‍රණ ක්‍රමයක් පිළිබඳ දැන තිබීම නිෂ්පාදන කාර්යට අමතර වාසියකි.