ගුවන් විදුලිය සහ රූපවාහිනිය
 

ගුවන් විදුලිය

 

ලංකාවේ නාට්‍ය සඳහා ගුවන් විදුලි ප්‍රචාරණය යොදාගනුයේ ඉතා අල්ප වශයෙනි. එයට හේතු කාරණා බහුලය.

මාතෘකාවට අදාළව ගතහොත් ගුවන් විදුලියේ ප්‍රචාරණ ක්‍රම දෙකක් ඇත. එකක් නම් මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කිරීමයි. අනෙක, වැඩසටහනක් මගින් ප්‍රචාරය ලබා ගැනීමයි. බොහෝ විට ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය කිරීම අද සිදු නොවන කාර්යයකි. නමුත් ගුවන් විදුලි වැඩසටහන් වල නාට්‍ය පිළිබඳ පුළුල් ප්‍රචාරණයක් ලබා දිය හැක. (මාධ්‍ය හමුවේදී ගුවන් විදුලි ආයතන වලින් එකඟතාව මත වැඩසටහන් ලබාගත හැක.)

බොහෝ විට ගුවන් විදුලිය අද වන විට දුරස්ථ මාධ්‍යයක් ලෙස බොහෝ අය හැඳින්වුවත්, දහවල් කාලයේ (උදේ/හවස), විශේෂයෙන් බස් රථ වල ගමන් ගන්නා අය, අහම්බෙන් හෝ එම වැඩසටහන් වලට සවන් දීම සිදුවන්නකි. නාට්‍ය සඳහා ගුවන් විදුලි දැන්වීම් ප්‍රචාරය ඉතා අඩු බව පැහැදිලි කරුණකි. මෙහිදී සිතිය යුතු වන්නේ නිබඳ සිහිකිරීම ඉතා අවශ්‍ය දෙයක් බවය.

රූපවාහිනිය

නාට්‍ය සඳහා අදවන විට රූපවාහිනි සේවා මගින් ලැබෙන ප්‍රචාරණය ඉතා ඉහළ ඇතත්, ඒවා ජනතාව අතර ප්‍රචාරණය වීද යන්න ප්‍රශ්නයකි. නාට්‍ය පිළිබඳ හෝ වෙනයම් වැඩසටහන් පිළිබඳ තොරතුරු රූපවාහිනි සේවා මෙසේ විශාල ලෙස ප්‍රචාරණය කලත් ඒවා ප්‍රචාරණය කරන කාලය අනුව එම ප්‍රචාරණය සිදුවූවාද යන්න ප්‍රශ්නයකි.

(රූපවාහිනියේ නාට්‍ය කරුවන් හඳුන්වාදීමේ ඇතැම් වැඩසටහන් බොහෝ විට ප්‍රචාරණය වන්නේ එම වේලාවට ප්‍රචාරය කිරීමට වෙනත් වැඩසටහනක් නැතිනම් පමණී. තවත් දෙයක් නම් නාට්‍යයක් බිහිවී වසරක් දෙකක් ගිය පසුත් නාට්‍ය පිළිබඳ වැඩසටහන ප්‍රචාරය වී නොමැති බව පසු ගිය කාලය තුලින් උදාහරණ ගත හැකිය.)

කෙසේ නමුත් නාට්‍ය සඳහා ද ප්‍රචාරණය මුදල් ගෙවා හෝ නොගෙවා කල හැක. මුදල් ගෙවා ප්‍රවාරණය කිරීමේදී අවශ්‍ය වේලාවේ අවශ්‍ය තරම් ප්‍රචාරය කළ හැකිය. මුදල් නොගෙවා ගනු ලබන ප්‍රචාරණ වැඩසටහන සැලසුම් කරනු ලබන කාලය අනුව ලැබෙන වේලාවෙන් ප්‍රචාරය ලබා ගත යුතුය. මෙහිදී ලැබෙන විශාල වාසිය නම් නාට්‍යයේ දර්ශන පටිගත කර පෙන්වීමට හැකි වීමයි. වෙනත් මාධ්‍යයන් වලට වඩා මෙයින් ලැබෙන ප්‍රචාරණය ඉතා වැදගත් වූවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017