අත් පත්‍රිකා
නාට්‍යයක් සඳහා අත්පත්‍රිකා අවශ්‍ය වන්නේ බොහෝ විට විස්තරාත්මක පැහැදිලි කිරීමක් හෝ නාට්‍යය පිළිබඳ තොරතුරක් සම්පාදනය කිරීමටය. බොහෝ විට අත්පත්‍රිකා නාට්‍ය පුහුණුවෙන කාලයේ පූර්ව ප්රචාරක මාධ්‍ය ලෙස යොදාගැනේ. ඉන් පසුවද නාට්‍ය දර්ශනය සහ අතරතුර නාට්‍ය පිළිබඳ තොරතුරු, ශිල්පි තොරතුරු ආදිය ඉදිරිපත් කල හැකිය.
ලංකාවේ බොහෝ විට අත්පත්‍රිකා 1000-2000 අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන මුත් අත් පත්‍රිකා 5000 ක්වත් මුද්‍රණය කළ යුතුය. එයත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස සංවිධානාත්මකව කල යුතු දෙයකි. ඉලක්ක නොකොට බහුතරයක් අතර බෙදාහැරීම ඉතා උචිත කාර්යයකි. එහිදී සැලකිය යුතු කාරණය නම් මලානික ආකර්ෂණයක් නොමැතිව ඉදිරිපත් කිරීම තේරුම් නැති කාර්යයකි. එම අත්පත්‍රිකා ඉතා ආකර්ෂණීය ලෙස සිත් ගන්නා ලෙස ගොඩ නැඟීම වටී. දුටු විට එය සිත් ගන්නා ලෙස තිබීම අවශ්‍යයය.
බැනර්
නාට්‍ය සඳහා බැනර් වලින් සිදුවන්නේ හොඳ ප්‍රචාරයක් ලැබීමය. එම බැනර් ප්‍රමාණය ද තීරණය කලයුතු වන්නේ ආර්ථික මට්ටම අනුවය. නාට්‍යයක් සඳහා බැනර් කොතරම් අවශ්‍යයද? මුලින් තීරණය කල යුතුය. නැතහොත් බැනර් ප්‍රදර්ශනය බොහෝ විට සැලකිය යුතු ප්‍රමාණයකින් කළ හොත් එක වාරයක් සඳහා බැනර් 10-20 අතර ප්‍රමාණයක් තිබීම ප්රමාණවත්ය. එම නිසා ඒවාද ඉතා ආකර්ෂණීය ලෙස චිත්රණය කිරීම වැදගත්ය.
සැ.යු. කරුණ - බැනර් ප්‍රදර්ශනයේදී අදාළ නගරයේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් මුදල් ගෙවා හෝ නොගෙවා බලපත්‍ර අංකය ලබාගත යුතුය.