පුවත්පත් දැන්වීම් තලින් නාට්‍ය පිළිබඳ කල් තියා දැනුම් දිය හැක. එය ආර්ථිකය මත සිදුවේ. නාට්‍ය පිළිබඳ දැන්වීම බොහෝ විට යොදන්නේ දර්ශනය සතියක් හෝ දින දෙකක් තිබිය දීය. නමුත් හැකි නම් මුලින්ම නාට්‍ය පිළිබඳ පූර්ණ දැන්වීමක් යෙදීමද, එය තුළින් කුතුහලය ඇති කල හෑකිය. ඉන් දනතුරුව නාට්‍ය පිළිබඳ පූර්ව දැන්වීමක්, නාට්‍යයේ විස්තර, ශිල්පි විස්තර ඇතළත් කොට සංවිධානයකින් පෙළඹෙන හා මහජනයාට එය බැලීමට අවශ්‍ය අවකාශය ඇතිකරමින් යොදන දැන්වීමකි. ඉන් අනතුරුව ප්‍රදර්ශිත මාධ්‍ය හමුව තුළින් ලබාගත් මාධ්‍යවේදීන් හා විචාර කොටස් යොදා කරනු ලබන දැන්වීම් සමඟ නාට්‍ය වේදිකාගත වන දිනය වේලාව ස්ථානය දැනුම් දීමයි.
එවිට අවශ්‍ය පුවත්පත් දැන්වීම් ප්‍රචාරණය හොඳ මට්ටමක ලැබේවි. මෙම කාලය වනවිට නාට්‍යයේ තොරතුරු පිළිබඳ මාධ්‍යවේදීන් කරනු ලබන ලිපිද පලවන නිසා ඉතා ප්‍රතිඵල දායක ප්‍රචාරයක් ලැබේවි.
මෙහිදී ඉතා වැදගත් කාරණය නම් කොතරම් පුවත්පත් දැන්වීම් පලකලත් හොඳ නිර්මානශීලි දැන්වීමක් නොතිබුනොත් එම මුදල් ද අපතේ යා හැක. නිර්මාණය කරනු ලබන දැන්වීම් ඉතා ආකර්ෂණයකින් තිබීම ඉතා වැදගත්ය.
එය හොඳින් කල හැකි නිෂ්පාදකවරුන් සිටිය හැකිය. එසේ නැතිනම් අදාළ නිර්මාණ කරුවෙකුට හෝ ආයතනයකට භාරදීම නිෂ්පාදක අභිමතය අනුව කල හැක.
පෝස්ටර් ප්‍රචාරයේදී අවම වශයෙන් පෝස්ටර් 1000 ක් වත් නාට්‍යය ප්‍රචාරණයට අවශ්‍ය වෙයි. කෙසේ නමුත් පෝස්ටර් ඇලවූ පමණින් නාට්‍යයකට ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලැබේද යන්න ගැටළුවකි. තවද, ඇල්මැරුණ ඉතා අපහැදිලි පෝස්ටර්වලින් ඇති වන උත්තරයක් නැත. පෝස්ටර් අවශ්‍ය නිසා පෝස්ටර් ගැසීම ඇවැසි නැත. බොහෝ විට පෝස්ටර් තීරණය කරනු ලබන්නේ ප්‍රචාරන ආයතනයක් හෝ මුද්‍රණ කරුවන් විසින් ය. මුද්‍රණ ක්‍රමය පවා නිෂ්පාදක නොදන්නාකම ගැටළුවකි. අනික රටේ නිර්මාණය කරනු ලබන පෝස්ටරයක් ප්‍රතික්ෂේප කිරීම පවා කල නොහැකි මට්ටමක ඇති බව හොඳින් පෙනේ. එයට හේතුව වැරදි වූ විට ඒවා නැවත මුද්‍රණය කිරීමට ඇති වැය හා කාලය නිසා වැරදුන ඒවම අලවනු දැකිය හැකිය.
අනෙක් කරුණ නම් අවසාන මොහොතේ පෝස්ටර් සෑදීම සිදුවන නිසා ඉතා කලබලකාරි ස්වභාවයක් ඇති වේ. නිවැරදි සැලසුමක් ඇතිවිට නාට්‍ය කණ්ඩායම හා නිෂ්පාදක පවා පෝස්ටර් කලින් දකිනවා ඇත. අද තවමත් බොහෝ විට නිෂ්පාදක හෝ අධ්‍යක්ෂ පෝස්ටර් දකින්නේ බිත්තියට ඇලවූවාට පසුය.