මාෆ්ය කට්ටලය සාදා ගැනීමේදී පහත සඳහන් තොරතුරු හා ඡායාරූප තිබිය යුතුය.
* නාට්‍යයේ (පිටපත්) සැකැවින් විස්තරයක්
* ශිල්පි විස්තරයක් (නවකයන් නම් ඔවුන් පිළිබඳ හැඳින්වීමක් සහිතව)
* නාට්‍යයේ ඡායාරූප
* නාට්‍යයේ නමේ පිටපතක් (Art Work Copy)
* අධ්‍යක්ෂක පිළිබඳ විස්තරයක් හා ඡායාරූප
* රචක පිළිබඳ
මෙම සියලු තොරතුරු ෆයිල් කවරයක බහා එම කවරයේ මුල්පිට නාට්‍යයේ නම (සකසා ඇති චිත්රයේ) යොදා හිස් කඩදාසි කිහිපයකුත් සමඟ අදාළ මාධ්‍යවේදීන්ට ලබාදෙන්න. හිස් කඩදාසි දෙනු ලබන්නේ අමතර තොරතුරක් ඇතොත් එය සටහන් කරගැනීමටයි.
ඡායාරූප විවිධ ප්‍රමාණයන්ගෙන් තිබිය යුතුය. නමුත් වැඩිපුර අවශ්‍ය වන්නේ පෝස්ට්කාඩ් ප්‍රමාණයෙන් හෝ 4R ප්‍රමාණයේ ඡයාරූපයි. එක පුවත්පතකට ඉහත ප්‍රමාණයෙන් ඡායාරූප 5ක් පමණ වෙන් කරන්න. (ඡායාරූප ශිල්පියෙකු ලබා ගනු ලබන ඡායාරූප වලින් තෝරාගත් ඡායාරූප කිහිපයකින් මෙය කළ හැකිය) ඊට අමතරව පුවත්පත්වල මුල්පිටුවට අවශ්‍ය පින්තූර (ජාතික පුවත්පත්වල අතිරේකයන් සඳහා) සාමාන්‍යයෙන් 12"x13" හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් එක පින්තූරයක් කට්ටලයට එකතු කරන්න. (විශාල පින්තූර දෙකක් පමණ දිය හැකි නම් වඩා උචිතය) තවද එයට නිෂ්පාදකගේ ඡායාරූපයක්ද එකතු කළ යුතුයි. හැකි නම් රචක/පරිවර්තක අයගේද ඡායාරූප ද එකතු කරන්න. මාධ්‍යවේදීන් තීරණය කරාවි යොදාගැනීම පිළිබඳ මේ සියලු ඡායාරූප පිටුපස නාට්‍යයේ නම හා අදාළ ඡායාරූපයේ සිටින ශිල්පීන්ගේ නමද ලියන්න. (එම ඡායාරූපය පුවත්පතට ගිය පසු කාර්ය බහුලතාව නිසා නම පැටලිලි සහගත විය හැකි නිසා)
මාධ්‍ය හමුවේ අවසානය
මෙය බොහෝ විට අවසාන වන්නේ සාදයකිනි. පලනොවන ඒවාද පලවීමට විශේෂයෙන් වැදගත් විය හැක. මදුවිත තොලගාමින් කරනු ලබන කතාබහවලින් නොමැතිව තිබූ සම්බන්ධතා පවා ඇතිවිය හැක.

එසේ මධුවිත වලට විරුද්ධ නිෂ්පාදකයෙකු සිටී නම් දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය පිළියෙල කළ හැක. මෙය සංග්‍රහ කටයුතු වේදිකා කළමනාකරු/පරිපාලක හා නිෂ්පාදක කළමනාකරු යන අයගේ මූලිකත්වයෙන් සිදුවන්නේ නම් වඩා හොඳය. නිෂ්පාදක නිදහස්ව සිටීම වඩා උචිතය. නමුත් නිෂ්පාදක අභිමත අනුව සියල්ල සිදුවීම අනිවාර්යෙන්ම කටයුත්තකි.
ප්‍රචාරණය
ප්‍රචාරණය
නාට්‍යයක ඉතා වැදගත් කොටස මෙය විය හැකිය. නාට්‍යයක් පවත්වාගෙන යාමේ මූලික දෙය මෙය බව පිළිගත යුතුය.
"හොඳ ප්‍රචාරයක් තිබේනම් ඕනෑම දෙයක් අලෙවිකල හැකි සේම හොඳ ප්‍රචාරයක් තුළින් නාට්‍යයක් ඉතා සාර්ථක විය හැක". නිර්මාණය කරනු ලබන නාට්‍යය ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වුවත් එය මහජනයාට දැනුම් දීමක් නොකලහොත් එය එසේම මැකී යා හැක. මාධ්‍ය සඳහා ප්‍රචාරණය ඉතා විශේෂ සැලකිල්ලක් ලෙස නිෂ්පාදන අංශ සැලකීම ඉතා බුද්ධිමත්ය. ප්‍රචාරණය සඳහා යම් විටෙක විශාල මුදලක් වැයවිය හැකිය. නමුදු එය හැකි පමණ කිරීම ඉතා වැදගත්ය.