මාධ්‍ය හමුව
මාධ්‍ය හමුව යනුවෙන් හැඳින්වෙන්නේ නාට්‍යය පිළිබඳව සියලු මාධ්‍ය ආයතන ඒක රාශි කොට දැනුවත් කිරීමය. මෙයද කොටස් දෙකකි.
1. දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
2. ප්‍රදර්ශිත මාධ්‍ය හමුව
දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
මෙය නාට්‍යය පිළිබඳව මාධ්‍ය වේදීන් රැස්කොට එදින නාට්‍යය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දීමයි. මේ සඳහා මුලින්ම සහභාගි කරවා ගන්නා පිරිසගේ ප්‍රමාණය තීරණය කළ යුතුයි. ඉන් අනතුරුව ශාලාවක් වෙන් කිරීම කළ හැක. මෙදිනට අවශ්‍ය කළමනා නම්,
නාට්‍යයේ (පිටපතේ) විස්තරයක්,
නාට්‍යයේ සිටින ශිල්පි විස්තරයක්,
නාට්‍යයේ ඡායාරූප (ඡායාරූප විවිධ ප්‍රමාණයන් ගෙන් තිබිය යුතුය. එය මාධ්‍යවේදියා අවශ්‍ය පරිදි යොදා ගනී. සාමාන්‍යයෙන් ඡායාරූප 5 ක් පමණ දිය යුතුය)නිෂ්පාදක පිළිබඳ සටහනක් ආදී, දේවල් වෙයි.
ඉහත කළමනා පුවත්පත් වලට අදාල ඒවාය. නමුත් රූපවාහිනී, ගුවන්විදුලි ආයතන වලින් දැනුවත් කිරීමේ හමුව පැමිණියේ නම් ඔවුන්ට දිය හැක්කේ කලින් ඒවාම ය. එහෙත් රූපවාහිනී ආයතන සඳහා වෙනම ප්රවෘත්ති සකස් කළ හැක. සමහර රූපවාහිනී ආයතන වල සඟරා වැඩ සටහන් වලට නාට්‍ය පිළිබඳ මාධ්‍ය හමුවේ ප්‍රවෘත්තිය පළ කළ හැකිය. හැකිනම් නිෂ්පාදක හෝ නාට්‍ය නියෝජන කරමින් කතා කරනු ලබන කතාවක් පටිගත කොට වැඩසටහන් වලට භාවිතා කල හැක. එය තීරණය වන්නේ රූපවාහිනී ආයතනය විසින් ගනු ලබන තීරණය අනුවය. ගුවන් විදුලි ආයතන වලින් පැමිණ ඇත්නම් රූපවාහිනී ආයතන වලට මෙන්ම එම මාධ්‍ය හමුවේ කතිකා කෙරුණු කරුණු පටිගත කර ගැනීමට සැලසීම. (එය පැමිණෙන මාධ්‍යවේදියාගේ කාර්යයකි) එසේම නාට්‍ය පිළිබඳ කලා වැඩසටහන් වලට සාකච්ඡා ලබා ගැනීම, නාට්‍ය පිළිබඳ තොරතුරු විටින් විට ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කිරීම.
මෙය නාට්‍යයේ මහජන දර්ශනයට කලින් පූර්ණ දර්ශනයකි. මහජන ප්‍රදර්ශනයට ප්‍රථම, මාධ්‍ය වලට හා හිතවතුන් එකතු කොට නාට්‍යයේ අංග සම්පූර්ණ දර්ශනයක් පෙන්වීම මේ තුලින් සිදුවේ. එහිදී නාට්‍යයේ අඩුපාඩු හා දුර්වලතා යම් විටෙක සකසා ගත හැකිය. මුලින්ම පැමිණි මාධ්‍යවේදින්ට මාධ්‍ය කට්ටලය ලබා දෙන්න. ඉන් අනතුරුව දර්ශනය ප්‍රදර්ශනය කිරීම ඇරඹේ.
දර්ශනයෙන් පසුව සාකච්ඡාවක් පැවැත්වීම ඉතා ප්‍රතිඵල දායකය. මාධ්‍යවේදින්ට නාට්‍යය පිළිබඳ විචාර පළකරවා ගත හැකි වීමයි. ඒ තුලින් ප්රචාරයට මාධ්‍යවේදින්ගේ විචාර උපයෝගි කල හැක.
ප්‍රදර්ශිත මාධ්‍ය හමුවෙන් සති දෙකක් පමණ ගිය පසු මහජන ප්රදර්ඡනය කළ හැක. එවිට මහජනයා එන්නේ අදාළ දැනුවත් වීමක් සමඟයි. මෑත කාලයේ ප්‍රදර්ශිත මාධ්‍ය හමුවක් පැවැත්වූයේ අතුල ලියනගේ නිර්මාණය කළ "යුදවැද්දෝ" නම් නාට්‍යයේය. එහිදී දැනගන්නට ලැබුනේ මාධ්‍ය වේදීන් දෙදෙනෙකු පැමිණි බවය. අතුලට එම තත්වයට මුහුණ දීමට සිදුවුනේ අතුල පෞද්ගලිකව මාධ්‍යවේදීන් හඳුන්වන්නේ කිහිප දෙනෙකු වීමයි. එම නිසා ආරාධනා පත්‍රයක් යැවූ පමණින් මාධ්‍යවේදීන් හඳුනන්නේ කිහිප දෙනෙකු වීමයි.
එම නිසා ආරාධනා පත්‍රයක් යැවූ පමණින් මාධ්‍ය වේදීන් පැමිනේ යැයි සිතීම සිහිනයකි. නිර්මාණ සොයාගෙන ගොස් ඒවාට අවශ්‍ය මාධ්‍ය වගකීම ඉටුකරන්නන් අතලොස්සක් වූ පිරිසක් සිටිය හැකිය. නමුත් බහුතරය එසේ නොවීම වේදිකා නාට්‍ය කලාවට ලැබුණ අවාසනාවන්ත දායාදයකි.
කෙසේ නමුත් මාධ්‍ය හමුව ඉහත කී ආකාරයට කිරීම යම් විටෙක ඵලදායි විය හැකිය.