අංග රචනා සැලසුම් පත
 

මෙම සැලසුම් පත අප මෙතෙක් කතා කල සැලසුම්පත් වලට වඩා වෙනස් වූවකි. මන්ද මෙම සැලසුම්පත සැකසීමද කොටස් දෙකකි. පූර්ව සැලසුම්පත හා අංග රචනා සැලසුම් ලෙස කොටස් දෙකකි.


(පහත වගුවට නෙත් යොමන්න)















                        අංග රචනා සැලසුම් පත
                  (MAKE-UP DESIGN SHEET)

   නිෂ්පාදනය :
   දිනය :
 

අනු අංකය


චරිතය


අංග රචනාව


විශේෂ සටහන්

       

පූර්ව සැලසුම් පත ලෙස හැඳින්වෙන්නේ නළු/නිළියන්ගේ චරිත නාට්‍යයේ ගොඩනැගී ඇති ආකාරයෙන් ඒ සඳහා අවශ්ය කරුණු මෙසේ සටහන් කරගැනීම නිසා අවශ්‍යතාවය පහසු විය හැකිය. මෙහිදී චරිතය, අංග රචනය, විශේෂ සටහන ලෙස කොටස් තුනක් ඇත.

චරිතය යන තීරුවේදී පුද්ගලයා නිරූපනය කරනු ලබන චරිත ලෙසත් එහි ස්වභාවය, වයසද සටහන් කල හැකිය. අංග රචනය යන තීරුවේදී අංග රචනා ශිල්පියා කළින් නිෂ්පාදක සමඟ කතිකා කොට ඇති අංග රචනා රටාව සටහන් කළ හැකිය. (සමහර විට අංග රචනා වෙනස්විය හැක.) විශේෂ සටහන යන තැන අංග රචකයාට ඔහු ළඟ නිතර තිබෙන අංග රචනා කට්ටලයට අමතරව අවශ්ය කරන යම් දෙයක් වේ නම් (අංග රචනයේ විශේෂ වෙනස්වීම් ඇත්නම්) එයද එම තීරුවේ සටහන් කරන්න.


අංග රචනා සැලසුම යන කොටස යනුවෙන් හැඟෙන්නේ අංග රචනයේ චිත්ර සටහන් පතයි. නමුත් මෙය තවම අප අතර භාවිතයට පැමිණ නොමැති ක්‍රමයකි. සමහර විට යම් යම් අවස්ථාවල භාවිතා කර ඇත.
මෙහි තිබෙන විශේෂත්වය නම් නිෂ්පාදකට මෙන්ම ශිල්පියාට ද ඇතිවන පහසුවයි. එමෙන්ම කාලය ඉතිරි වීමයි. එපමණක් නොව අංග රචනයේ ඇති රටා රූප සටහන්වල ඇඳ තබා ගැනීමෙන් (කොටස් ලෙස හෝ පූර්ණ අංග රචනය ලෙස තබා ගත හැක) නාට්ය කණ්ඩායමට හා සියලු දෙනාට චරිත පිළිබඳ පූර්ව අදහසක් ගත හැකිය. (සටහන් ඇඳ ගැනීම චිත්ර ශිල්පියෙක් මගින් කළ හැක.)


මෙම සැලසුම පූර්ව හමුවේදී පැවරෙන රාජකාරියකි. එවිට පූර්ණ ශිල්පි හමුවේදී මේවා ඉදිරිපත් කළ කැකිය. (සමහර අවස්ථාවලදී එම සැලසුම් දර්ශනයේදී වෙනස් විය හැකිය.)

(c) Shilpa Sayura Foundation 2006-2017