මෙය ඉතා අත්‍යාවශ්‍ය දෙයකි. නාට්‍යයේ ඇඳුම් පිළිබඳ වූ සටහනක් අවශ්‍ය නොවන බව යම් කෙනෙකු කිව හැකිය. නමුත් දැවැන්ත නිෂ්පාදනවලදී ඉතා වැදගත් වෙයි. බොහෝ විට ඇඳුම් වෙනස්වීම් ඇති විටෙක යම් කොටසක් අත හැර යා හැක. සැලසුම් පතේ යම් චරිතයකට අවශ්‍ය ඇඳුම් ප්‍රමාණය ඇඳුම්වල කොටස් ආදී සටහන් කරගෙන තිබීමෙන් විශාල පහසුවක් වෙයි. මන්ද, සමහර නළුවන්ට/නිළියන්ට පවා රඟන අවස්ථාවේදී ඇතිවන කලබල ගතිය නිසා තමන් අඳිනා ඇඳුම පවා අමතක විය හැකිය. පැටලිලි සහගත විය හැකිය. එම නිසා ඇඳුම් සැලසුම් පත වේදිකා පරිපාලකවරයාට ඉතා අවශ්‍ය දෙයකි.
අප බොහෝ නිෂ්පාදනවලදී දර්ශන අවසාන වීමත් සමඟ නළු/නිළියන් පිටත්වීමට ඇති කලබලය නිසා ඇඳුම් එක එක තැන්වල දමා යා හැක. (එය ශිල්පි වගකීම් පැහැර හැරීමකි). එවිට සටහන් පතේ ඇත්නම් අසවල් නළු/නිළියන් ඇඳින ඇඳුම් මේවාය, අසවල් දර්ශනයේදී ද මේ ඇඳුම් භාවිතා විය කියා දර්ශනය අවසානයේදී සියලු ඇඳුම් ඒකරාශි කරගත හැකිය. නැතිනම් මී ළඟ දර්ශනයේදී ඇඳුම් සෙවීම අර්බුදයකි. අඩුතරමින් යම් ඇඳුමක කොටසක් අඩුනම් පරිපාලක සටහන් කරගැනීමෙන් එය සොයාගැනීමටත් හැකි වේවි.
මෙම සැලසුම් පත ද මුලින් ජවනිකාව, චරිතය, ඇඳුම හා විශේෂ සටහන ආදී කරුණු වලින් සෑදෙයි. විශේෂ සටහන් ලෙස ගැනෙන්නේ යම් චරිතයකට ඉක්මනින් වෙනස් වන ඇඳුම් ප්‍රමාණයක් තිබේනම් එම සටහනේ පරිපාලන වරයාට සටහන් කරගත හැකිය.
(මෙම වගුව බලන්න)
ඇඳුම් නිර්මාණ සැලසුම් පත (COSTUME DESING SHEET) නිෂ්පාදනය : දිනය : | |||
අනු අංකය | ජවනිකාව | ඇඳුම | විශේෂ සටහන් |