සම්මත අපගමනය
 

දත්ත සමූහයක එක් එක් අගය මධ්‍යනයෙන් ගන්නා අපගමනය සම්මත අපගමනය නම් වේ.

එකම මධ්‍යනය සහිත නමුත් පරාසය වෙනස් දත්ත කුලක පි‍ලිබඳ සැසඳීමේදි මෙය වැදගත් වේ.

උදාහරණයක් ලෙස
15, 15, 15, 14, 16
හා
2, 7, 14, 22, 30 යන දත්ත කුලකයන් සලකමු.

මේ දෙකෙහිම මධ්‍යනය එකම අගයක් වන නමුත් එක එකෙහි විහිදීම වෙනස්ය.
පැහැදිලිවම දෙවැන්න වඩා විහිදී පවතී.

මේ අනුව කිසියම් අගයන් සමූහයකට පවතින්නේ අඩු සම්මත අපගමනයක් නම් එම අගයන්ගේ විහිදීමද අඩුය.

උදාහරණ:
4, 9, 11, 12, 17, 5, 8, 12, 14 යන දත්ත කුලකයේ සම්මත අපගමනය සොයන්න.

මුලින්ම අප එහි මධ්‍යනය සොයමු.
මධ්‍යනය=10.222

දැන් එක් එක් අගයෙන් මධ්‍යනය අඩුකලවිට එම එක් එක් අගය මධ්‍යනයෙන් දක්වන්නාවූ අපගමනය ලැබේ.
10.222 - 4 = 6.222

මින් අදහස් වන්නේ එම අගය 6.222 ක් අපගමනය එනම් ඈත්වී ඇති බවයි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017