පසුතල සැලසුම්පත
 

මෙය පූර්ව පසුතල සැලසුම්පත් හා පසුතල සැලසුම්පත් ලෙස හැඳින්විය හැකිය. පූර්ව පසුතල සැලසුම්පත යනුවෙන් නාට්‍යයට අවශ්‍ය පසුතලවල සැකසුම්පත් (රූප සටහන්/පරිමාණපත්) ලෙස හැඳින්වේ. මෙහිදී නාට්‍යයේ පූර්ණ පසුතල රූප සටහන් වල තිබිය යුතුය. අනෙක් සැලසුම්පත් පසුතල සැලසුම්පත නම් වේ.


(පහත වගුව බලන්න)





















                                      පසුතල සැලසුම් පත
                         (SET DESIGN SCHEDULE SHEET)

         නිෂ්පාදනය :
         දිනය :

අනු අංකය

       පිටුව
   සිට      දක්වා

චරිත

පසුතල

පසුතල කොටස්

විශේෂ කරුණු
             
එහිදී වේදිකා පසුතල මාරුවීම් වලට හා නාට්‍යයේ දර්ශන / ජවනිකා වෙනස්වීම් වලට ඉතා උපකාරි වෙයි. වේදිකා පරිපාලකට මෙහිදී විශාල පහසුවක් ඇති වේ. මන් ද ඔහු අත නිවැරදි පසුතල සැලසුම්පත් තිබීමෙන් ඔහුට හොඳින් වැටහේ මී ළඟට අවශ්‍ය පසුතලය කුමක්ද යන්න.

පසුතල සැලසුම්පතේ ද ජවනිකාවෙන් ජවනිකාව පසුතල සැලසුම්පත සාදාගත හැකි නම් ඉතා වැදගත් ය. නමුත් ජවනිකා ප්‍රමණය සුලු නම් එය අවශ්‍ය තරම් පිටු ප්‍රමාණයට ගැනීම්ද උචිතය.

මුලින්ම අසවල් පිටුවේ සිට අසවල් පිටුව දක්වා ජවනිකාව ලෙස සටහන් කරන්න. ඉන් අනතුරුව එම ජවනිකාවටම සිටින චරිත ප්‍රමාණය ලියන්න. ඊට පසු අවශ්‍ය පසුතලය ලියන්න. (උදාහරණයක් ලෙස 1-5 දක්වා ජවනිකාවන්හි චරිත ලෙස  X Y Z ලෙසත්, පසුතල ලෙස නිවසක්, ඉන් අනතුරුව පසුතලයට අවශ්‍ය පසුතල කොටස් නිවසක් නම් - එම නිවස පසුතලයේ සකසා ඇත්තේ කොටස් තුනක් විය හැකිය. සටහන් කරන්න) මෙයින් විශාල ලෙස වේදිකා පරිපාලකට ගැටලුවක් නොමැතිව කාර්ය කිරීමට හැකි වෙයි.

උපකරණ සැලසුම්පත


ඉහත වේදිකා පසුතල සැලසුම් පතටම බැඳුණු මෙය පසුතලයේ අවශ්ය උපකරණ සැලසුම් කිරීමේ සටහන් පතය. මෙහිදී ජවනිකා ප්‍රමාණය වැඩිනම් වෙන වෙනම සටහන් කිරීම වැදගත්ය.


මෙයට පසුතල සැලසුම් පතේ ඇති ලෙස අසවල් පිටුවේ සිට අසවල් පිටු දක්වා තිබිය යුතුය. ඉන් අනතුරුව උපකරණය (උපකරණ) කුමක්ද යන්නත්, භාවිත කරන අවස්ථාවත්, විශේෂ සටහන් ඇත්නම් එයත් සටහන් කරන්න. මෙයින් ඇතිවන වාසිය නම් ජවනිකාවේ ඇති උපකරණ පූර්ණ සූදානමක් ලෙස තබාගෙන ඇති බව දැනගැනීමයි.


(පහත වගුව ආදර්ශයට ගන්න)




















                                   උපකරණ සැලසුම් පත
                            (PROPERTY DESIGN SHEET)

       නිෂ්පාදනය :
       දිනය :

අනු අංකය

පිටුව
 සිට      දක්වා

උපකරණ අවස්ථාව

භාවිතා කරණ

විශේෂ සටහන්
 
           

(c) Shilpa Sayura Foundation 2006-2017