නාට්‍යයක ආලෝක සැලසුම් ශිල්පියා බොහෝ විට එහි දකින්නේ නාට්‍යය අවසාන කාලයේය. එයට හේතුව එම ශිල්පියාගේ වෘත්තීය එය බැවින් ඔහුට බොහෝවිට එහි මුල් කාලයේ පැමිණිය නොහැකිය.
නමුත් ආලෝකයටද මුල් කාලයේ (නාට්‍යය එලීමෙන් පසුව) සිට ආලෝක සැලසුම් කරු සිටිය යුතුය. නාට්‍ය ආලෝකය ඉතා සියුම්ව හා කල්පනාකාරීව කලයුතු කාර්යක් බැවින් ආලෝක ශිල්පියාද එය වටහා ගෙන නාට්‍යයේ කාර්ය සමඟ බද්ධවීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
ආලෝක සැලසුම්පත ද සංගීත සැලසුම්පත මෙන් පිටු අංකය, දර්ශන, ජනවිකාව, පසුතල, අවස්ථාව, ආලෝකකරණ ශිල්පියා, පිටපතේ තමන් අවධානය යොමුකිරීමට ඇති තැන හොඳින් හා පහසුවෙන් සොයාගනියි. ආලෝක මෙහෙයුම් මේසයට අවධානය යොමුකිරීමට ඇති හෙයින් පිටපතට යොමුවන අවධානය අඩු කිරීමෙන් ඉතා හොඳ කාර්යක් සිදුවනු ඇත.
ලංකාවේ බොහෝ රඟහල්වල ආලෝක කාමරය ඇත්තේ වේදිකාවේම ය. එවිට ශිල්පීය පිටපත, ආලෝක මෙහෙයුම් මේසය, නාට්‍යය යන තුනටම පූර්ණ අවධානය යොමුකිරීමට ඇති බැවින් එක් අංශයක් හෝ අවධානයෙන් ඉවත් වුවහොත් සිදුවන හානිය කෙතරම් ද?
ආලෝක සැලසුම් පත ( LIGHTING DESIGN SCHEDULE SHEET) නිෂ්පාදනය : දිනය : | ||||
පිටුව සිට - දක්වා | ජවනිකාව | ආලෝක තත්වය | විශේෂ සටහන් | පසුතලය |