නිෂ්පාදන කාර්යය (2 පිටුව)
 

ඉන් අනතුරුව අදාළ කාර්යයන් කලයුතු දින සැලසුම්පතේ ඇති ලෙස අදාළ ශිල්පීන් සමඟ සාකච්ඡා කොට විසඳාගත යුතුය. මෙහිදී මුලින්ම පසුතල නිර්මාණ ශිල්පි මූලික වෙයි. ඔහු පසුතල සැකසුම් ඉදිරිපත් කල යුතු කාලය දන්වන්න. ඉන් අනතුරුව එම කාර්යයන් වේදිකා පරිපාලක වෙත පැවරීම සිදුවෙයි.

ඉන්පසුව පෙළ මතක් කරන ශිල්පියාට අවශ්‍ය නිවැරදි පිටපත මුලින් ඔහුට අධ්‍යයනය කිරීමට සලස්වන්න. ඔහු සියලු පුහුණුවීම් සඳහා පැමිණීම අනිවාර්ය බව අවධාරනය කළ යුතුය.


අනතුරුව ඇඳුම් නිර්මාණ ශිල්පියාට ඇඳුම්වල සැකසුම් ඉදිරිපත් කළ යුතු කාලය හා නාට්‍යයට අවශ්‍යඇඳුම් නිර්මාණය සඳහා ඔහු සමඟ සාකච්ඡා කිරීම ඇරඹිය යුතුය. (මෙහිදී නළු නිළියන් නොමැතිව ඇඳුම් නිර්මාණය කළ හැකි වුවත් ඔහුට ඔහුට අදාළ ඇඳුම් නිර්මාණය කළ හැක. පසුව එය තවත් වැඩි දියුණු කළ හැක.)


මින්පසු වේදිකා උපකරණ නිර්මාණ ශිල්පි අවශ්‍ය වෙයි. ඔහුද වේදිකා පසුතල මෙන්ම මුලින් අවශ්‍ය ශිල්පියෙකි. ඔහු පිටපතේ ඇති නාට්‍යයට අවශ්‍ය උපකරණ නිර්මාණය කිරීම ඇරඹිය යුතුය. ඔහුට හැකිනම් උපකරණ වල රූ සටහන් ඇඳ නිෂ්පාදකට පෙන්විය හැක.

ආලෝකකරණ ශිල්පි මෙහිදී මුලින් අවශ්‍ය නොවූනත් ඔහුද මුලින්ම නාට්‍ය ගැන අධ්‍යයනය කිරීම කළ යුතුය. නොඒසේව අන්තිම පුහුණුවීම් වලට පැමිණිවිට සෑදීම කළ හැකි වුවත්, ඔහුද නිර්මාණය සමඟ බද්ධව සිටීම ඉතා වැදගත්ය.


සංගීත අධ්‍යක්ෂක, මොහුද තම කාර්යය මුලින් සොයා ගැනීම් කළ යුතුය. ඔහුද දළ සැකසුමක් ඇති කරගත යුතුය. නාට්‍යයට අවශ්‍ය කිසියම් සංගීතයක් ද යන්න ද, ඔහු පැමිණිය යුතු කාලය සැලසුම්පතේ සඳහන්ව ඇත. එම නිසා ඔහුත් එම කාලය වන විට නාට්‍ය සමඟ සම්බන්ධ විය යුතුය.


ඒ ශිල්පීන් සමඟ සාකචෛඡාවෙන් පසු වේදිකා කළමනාකරු අත ඇමතුම් පතක් තිබිය යුතුය. එය පොදු එකක් හා පෞද්ගලික එකක් විය යුතුය.

පොදු ඇමතුම්පතේ

(1) ශිල්පි නම
(2) අදාළ කාර්යය
(3) ලිපිනය
(4) දුරකථන අංකය
(5) දිනය

(පහත වගුව බලන්න)


 


















                                         පොදු ඇමතුම් පත
                                 (GENERAL CALL SHEET)

      නිෂ්පාදනය :
      දිනය :
නම කාර්යය ලිපිනය
 
දුරකථන අංකය
 
අත්සන
         




පෞද්ගලික ඇමතුම්පතේ,
(1) සම්පූර්ණ නම
(2) භාවිතා කරන නම
(3) ස්ථීර ලිපිනය
(4) තාවකාලික ලිපිනය
(5) දුරකථන අංකය : නිවස.......
               කාර්යාලය .......
(6) උපන් දිනය
(7) අදාළ නැවතුම් ස්ථානයට එන කෙටිම මඟ
(8) දිනය

(පහත වගුව ආදර්ශයට ගන්නබලන්න)








පෞද්ගලික ඇමත‍ම් පත


(PERSONAL CALL SHEET)


       නිෂ්පාදනය :
       දිනය :

  (1) සම්පූර්ණ නම :......................................

  (2) භාවිතා කරන නම :.......................................
 
  (3) උපන් දිනය :..........................................

  (4) ස්ථීර ලිපිනය :...............................................................................

  (5) තාවකාලික ලිපිනය :.....................................................

  (6) දුරකථන අංකය : නිවස ............................... කාර්යාලය :.............................

  (7) ඔබ පදිංචි වී සිටින නිවසට යන කෙටිම මඟ :
       (පැහැදිලිව සටහන් කරන්න) 
       .........................................................
       .........................................................
       .........................................................

ඉන් අනතුරුව සියලුම දෙනා පැමිණි බව සනාථ කෙරෙන පැමිණීමේ ලේඛනය.

(මෙම වගුව බලන්න)

















                         පැමිණීමේ ලේඛණය
                  (ATTENDANCE SHEET)

    නිෂ්පාදනය :
    දිනය :
    ස්ථානය :
    වේලාව :.............සිට දක්වා......

අනු අංකය

නම

පැමිණි වේලාව

පිටවන වේලාව

අත්සන
         


එම සාකච්ඡාව අවසන් කිරීමේදී නැවත අවධාරනයෙන් නිෂ්පාදක සියලු කරුණු පැහැදිලි කළ යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017