බොහෝ නාට්‍යවල දර්ශන දෙකක් හෝ තුනක් තිබිය හැක. එම දර්ශන තුළද ජවනිකා විශාල ප්‍රමාණයක් තිබිය හැක. නමුත් බොහෝදුරට දර්ශන දෙක හෝ තුන පරිශීලනය කෙරේ.
"හිම භූමි" නාට්‍යයේ දර්ශන දෙකකි. ජවනිකා දහතුනකි. එය දර්ශන දෙක වූයේ දිල්ලි බල කොටුව හා දවුල බල කොටුවයි. එහි ජවනිකා දහතුනට සැලසුම්පත් දහතුනක් තබාගැනීමට අවශ්‍ය වී ඇත.
මන්ද, සෑම ජවනිකාවකම චරිත 10-15 අතර ප්‍රමාණයක් තිබීම හේතුවෙනි. එසේ හෙයින් නාට්‍යයේ දර්ශන ප්‍රමාණය, සැලසුම් ක්‍රම වෙනස් විය හැක.
ජවනිකා සැලසුම්පතේ, මුලින්ම පිටුවේ අංකයක්, ඉන් අනතුරුව දර්ශනයක්, ඊට පසු චරිත හා අවසානයේ පසුතලය ලෙස සැලකේ. මෙයින් අපට දර්ශන වශයෙන් හෝ පුහුණුවීම් කළ හැක. එකම චරිතය, නිදසුනක් ලෙස ජවනිකා 3-5-7-9-10 ආදියේ සිටීනම් එම දර්ශන පුහුණුවීම් එකට යොදාගත හැකි වෙයි. එම නිසා එයින් විශාල කාලයක් ඉතිරි කර ගත හැක.
(පහත වගුව බලන්න)
(පහත වගුව බලන්න)
ජවනිකා සැලසුම් පත (SCENE SCHEDULE SHEET) නිෂ්පාදනය : දිනය : දර්ශන ගණන : ජවනිකා ගණන : | |||||
අනු අංකය | පිටු අංකය | දර්ශනය | ජවනිකාව | චරිතය | පසුතල |