(මෙම වගුව බලන්න)
කාර්ය සැලසුම් පත (WORK SCHEDULE SHEET) නිෂ්පාදනය : දිනය : | |||
අනු අංකය | තනතුර | නම | විශේෂතා |
රචක/පරිවර්ථක අධ්යක්ෂ වේදිකා කළමනාකරු වේදිකා පරිපාලක සංගීත අධ්‍යක්ෂක ආලෝක කරණය ශිල්පි පසුතල නිර්මාණ ශිල්පි වේදිකා උපකරණ නිමැවුම් ශිල්පි ඇඳුම් නිර්මාණ ශිල්පි නර්තන රචක (රංග වින්‍යාසය) අංග රචක ප්රචාරක සැලසුම් ශිල්පි |
මෙහි ඇත්තේ නාට්‍යය පිළිබඳ වූ විස්තරයකි. මෙයින් කෙරෙන ප්‍රධාන කාර්යය නම් ශිල්පීන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට ඇති හැකියාවයි. (බොහෝ නිෂ්පාදන වල අවසාන මොහොත වනතුරුත් කවුරුන් දැයි හඳුනාගත නොහැක.)
දෙවැන්න ශිල්පි වගකීම් පැවරීම සිදුවීමයි. එයින් තම කාර්ය පිළිබඳ ශිල්පීන්ට තේරුම් ගත හැක. පහසුවෙන්ම, සැලසුම්පත් වල පොදු ලක්ෂණය නම් නිෂ්පාදනයේ නම සෑම සැලසුමකම තිබීමයි. එයට අමතරව සැලසුම් පතෙන් විස්තර හා කරුණු වෙනස් වෙයි. කාර්ය සැලසුම් පතේ විස්තර හා කරුණු වෙනස් වෙයි. කාර්ය සැලසුම් පතේ ඇති වැදගත් මෙහෙය වනුයේ යම් අනුග්රහක ආයතනයකට නිෂ්පාදනයට අනුග්‍රහය සඳහා යොමු කරන විට කාර්ය සැලසුම්පතේ ඇති ශිල්පි අනන්‍යතාවය ඉතා වැදගත් විය හැක. එසේම මෙයට සම්බන්ධ ශිල්පීන් තම දක්ෂතා කෙසේ පෙන්වා ඇතිද යන්න පැහැදිලිව සටහන් වෙයි.
නිදසුනක් ලෙස : විදේශ පාඨමාලාවන් හදාරා තිබීම ජාතික සම්මාන
ලබා තිබීම, අසවල් අවුරුදු ප්‍රමාණයක්
ක්ෂෙත්රයේ නියුතු වීම
නාට්‍යයක චරිත සැලසුම් පත
නාට්‍යයේ ඇති චරිතවල ස්වාභාවය, එම චරිතවල විස්තර, වයස් සීමාවන්, කාල පරිච්ඡේද, රංගනයේදී භාවිතා කරනු ලබන උපක්‍රම ආදිය සටහන් වීම නිසා නළු නිළියන් තම චරිත පිළිබඳ පූර්ව විසතරයක් ලබා ගයි. (සමහර පිටපත් වල චරිත ස්වභාවයෙන් ඉතා ඉතා ලුහුඩින් දක්වා ඇති නමුදු, නළු නිළියන් එහි ගැඹුරට ගොස් අධ්‍යයනය කල යුතු අතර එයට පූර්ව කථනය මෙයින් ලැබේ.)
නිෂ්පාදක අර්ථ කථනය කිරීමට අපේක්ෂිත චරිතය ලුහුඩින් විස්තර කිරීමට මෙහි ප්‍රධාන කාර්යයවේ. (චරිත පිළිබඳ පූර්ණ විවරණයක් දිය නොහැකි බව ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. එය නිෂ්පාදන කාර්ය තුළදී ඇතිවන සංවර්ධනයකි.)
නිෂ්පාදක අර්ථ කථනය කිරීමට අපේක්ෂිත චරිතය ලුහුඩින් විස්තර කිරීමට මෙහි ප්‍රධාන කාර්යයවේ. (චරිත පිළිබඳ පූර්ණ විවරණයක් දිය නොහැකි බව ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. එය නිෂ්පාදන කාර්ය තුළදී ඇතිවන සංවර්ධනයකි.)
මෙහි මුලින් චරිත රඟන නළුවෙක් නිළියක් නම් ඔහුගේ/ඇයගේ නමත්, ඉන් අනතුරුව චරිතයේ නමත්, චරිත ස්වභාවය ඉන් අනතුරුවත්, ඊට පසු චරිතය පෙනී සිටින දර්ශන පෙළක් ලිවීම තුළින් නළුවාට/නිළියට පැහැදිලි සැකසුමක් ඇතිකර ගත හැක.
(නිදසුනක් ලෙස පහත වගුව නිරීක්ෂණය කරන්න)
චරිත සැලසුම් පත (CHARACTER SCHEDULE SHEET) නිෂ්පාදනය : දිනය : | ||||
අනු අංකය | නම | චරිතයේ නම | චරිත ස්වභාවය | දර්ශන පෙළ |