නළු නිළියන් තෝරාගැනීම
 

රචක/නිෂ්පාදක තෝරාගත් නළු නිළියන් පිරිසක් සිටිය හැකිය. නැත්නම් වේදිකා කළමනාකරු සොයාගත් පිරිසක් ද විය හැකිය. මෙය නිෂ්පාදකගේ අභිමතයකි.


එම හමුවද පහසු වේලාවකදී යොදාගත හැකිය. එය සුහද හමුවක් නිසා සවස් වරුවකදී නම් වඩාත් පහසුය. නාට්‍යය පිළිබඳ පැහැදිලි කිරීමෙන අනතුරුව මුලින්ම පුහුණුවීම් සැලසුම්පත පිරිස අතට පත් කිරීම සුදුසුය.


(පහත වගුව බලන්න)



















                                   පුහුණුවීම් සැලසුම් පත
                       (REHEARSALS CCHEDULE SHEET)

         නිෂ්පාදනය :
         ස්ථානය :
         වේලාව :

අනු අංකය

වර්ෂය

මාසය

දිනය

       වේලාව
    සිට      දක්වා  

විශේෂ කරුණු (කාර්යය)
             

ඊට පසු අදාළ දිනවලදී පැමිණීම පිළිබඳ සාකච්ඡා කරන්න. අපහසු දින පිළිබඳ පොදු නිගමනයකට පැමිණ ඒවා වෙනස් කළ යුතු ආකාරයෙන් යොදාගන්න. නමුත් සැලසුම්පතට අනුව යොදාගත් දින දෙකක් හෝ තුනක් වෙනස් වෙනවා හැර විශාල වෙනසකට යාමෙන් ගැටලු තත්ත්වයක් ඇතිවිය හැක. (කෙසේ නමුත් සැලසුමේ දිනයක් දෙක තුනක් වෙනස් විය හැකිය. මන්ද ශිල්පීන්ට නොවැළැක්විය හැකි තත්ත්වයන් උදාවිය හැකි බැවිනි.)


එය සමතයකට පත් වූ පසු ශිල්පි අඩුවක් පැමිණිවිට අලුත් ශිල්පියෙක් සොයාගැනීම කළමනාකරු සතු වෙයි. එයද නිෂ්පාදන එකඟතාව ඇති ශිල්පියෙකි.


දැන් නාට්‍යයේ පිටපත ශිල්පීන් අතර දීමට කාලයයි. නිෂ්පාදක නාට්‍යය පිළිබඳ තම නිෂ්පාදන අර්ථකතනය කියයි. රචක රචනය ගැන පවසයි. ඉන්පසු අවශ්‍යනම් පිටපත එක වරක් කියවීම කළ හැකිය. නළු නිළියන්ට පිටපත පිළිබඳ ප්‍රශ්න මතුකල හැක. ඉන් අනතුරුව එම ශිල්පීන්ට පොදු ඇමතුම්පත/පෞද්ගලික ඇමතුම්පත/ පැමිණීමේ ලේඛන ලබාදෙන්න.


එයින් පසු පූර්ණ ශිල්පි හමුවට දිනය දක්වා විසිර යන්න. යම් යම් චරිතවලට යම් අය තෝරා ඇත්නම් එදින එයත් පැවසීම උචිතය.


පූර්ණ ශිල්පි හමුවට පෙර

නළු නිළි හමුව/ශිල්පි හමුව අවසන් වූවාට පසුව කළමනාකරු ඉතා විදිමත් ක්‍රම සකසාගත යුතුය. නිෂ්පාදක හා සාකච්ඡා කොට සියලු සැලසුම්පත් සකස් කිරීම අවසන් කල යුතුය. මන්ද, පූර්ණ ශිල්පි හමුවේදී නාට්‍යයේ සැලකිය යුතු කොටසක් අවසන් වී තිබිය යුතුය.

පූර්ව හමුව හා පූර්ණ ශිල්පි හමුව අතර සතියක කාලයක් තිබිය යුතුය. වේදිකා කළමනාකරු පහත සඳහන් සැලසුම්පත් සකසාගත යුතුය.


* නාට්‍ය කාර්යය සැලසුම්පත (WORKING SHEET)
* චරිත සැලසුම්පත (CHARACTER'S DESIGN SHEET)
* ජවනිකා සැලසුම්පත (SCENE SCHEDULE SHEET)
* හඬපටි/සංගීත සැලසුම්පත (MASTER MUSIC/AUDIO SHEET)
* ආලෝක සැලසුම්පත (LIGHTING DESIGN SHEET)
* පසුතල සැලසුම්පත (SETDESIG SHEET)
* උපකරණ සැලසුම්පත (PROPERTY DESIGN SHEET)
* ඇඳුම් නිර්මාණ සැලසුම්පත (COSTUME DESIGN SHEET)
* අංග රචන සැලසුම්පත (MAKEUP SESIGN SHEET) ආදිය වේ...

ඉහත සැලසුම්පත් සැකසීම හා ක්‍රියාකිරීම පැහැදිලි කර ගනිමු.

(c) Shilpa Sayura Foundation 2006-2017