සාමාන්‍ය නාට්‍යයකදී ශිල්පීන්/නළු නිළියන් තෝරාගැනීම මුලින්ම සිදුවන්නකි. තෝරාගැනීම කොටස් දෙකක් ලෙස මෙහිදී හැඳින්විය හැකිය.
(*) ශිල්පීන් තෝරාගැනීම
(*) නළු නිළියන් තෝරාගැනීම
නිෂ්පාදකවරයා තෝරාගනු ලබන නිර්මාණය තෝරා එය නිෂ්පාදනය කිරීමට ඔහු මුලින් නළු නිළියන් හැර අනෙක් ශිල්පීන් තෝරාගත යුතුය. ඉන් අනතුරුව කළමණාකරු සමඟ එක් වී නිෂ්පාදනයේ වැඩකිරීම ඇරඹෙයි. අවශ්‍ය සැලසුම්පත් සැකසෙයි. දැන් පහත සඳහන් ශිල්පීන් තෝරාගැනීම සිදුවෙයි. යම් විටෙක නිෂ්පාදකවරයා ශිල්පීන් තෝරාගෙන සිටිය හැක. නමුත් ඔවුන් හමුවී සාකච්ඡා කොට නොමැත. දැන් මුල්ම කාර්ය එම සාකච්ඡාව කැඳවීමයි. සුදුසු ස්ථානයක් යොදා එම හමුව යොදා ගත හැක. පිටපත් සම්පූර්ණයෙන්ම සකසා පිළිවෙළට තිබීම ඉතා වැදගත්ය.
පූර්ව ශිල්පි හමුව (පූර්ව නිෂ්පාදන කටයුතු)
(1) වේදිකා පරිපාලක
(2) පසුතල නිර්මාණ ශිල්පි
(3) පෙළ මතක් කරන්නා
(4) ඇඳුම් නිර්මාණ ශිල්පි
(5) වේදිකා උපකරණ ශිල්පි
(6) ආලෝකකරණ ශිල්පි
(7) සංගීත අධ්‍යක්ෂක
(8) අංග රචනා ශිල්පි
(2) පසුතල නිර්මාණ ශිල්පි
(3) පෙළ මතක් කරන්නා
(4) ඇඳුම් නිර්මාණ ශිල්පි
(5) වේදිකා උපකරණ ශිල්පි
(6) ආලෝකකරණ ශිල්පි
(7) සංගීත අධ්‍යක්ෂක
(8) අංග රචනා ශිල්පි
ආදී ශිලපීන් තෝරා මොවුන් හට නිෂ්පාදන සැලසුම්පත දිය යුතුය. (පහත වගුව ආදර්ශයට ගන්න)
නිෂ්පාදන සැලසුම්පත (PRODUCTION SCHEDULE)
නිෂ්පාදන සැලසුම්පත (PRODUCTION SCHEDULE)
විශේෂ සටහන : මෙම සැලසුම්පතට අංක තුනේ ජවනිකා නාට්‍ය ලෙස ගෙන සැලසුම්පතක් සැකසෙයි
දිනය | කාර්යය | පසුතල/ඇඳුම්/උපකරණ | වෙනත් කටයුතු |
1-10 | පූර්ව හමුව,පූර්ණ හමුව පිටපත් කියවීම | ප්රචාරක කටයුතු වලට සූදානම් වීම. රැඟුම් පාලක අවසරය ගැනීම. | |
11-15 | පිටපත් කියවීම | පසුතලය සැකසීම | ශාලාව වෙන්කිරීම, උපකරණ සැකසීම |
16 | නාට්‍යය එලීම ආරම්භය | පූර්ව ප්‍රචාරණය | |
17-18 | 1 අංකය ආරම්භය | ඇඳුම් සැකසීම ආරම්භ කිරීම | |
19-20 | 2 අංකය ආරම්භය | ||
21-26 | 1 හා 2 අංක එලීම අවසන් කිරීම | පසුතල/උපකරණ සම්පූර්ණ වීම | ටිකට්පත් මුද්‍රණය කිරීම. ඡායාරූප ගැනීම |
27-29 | 3 අංකය ආරම්භය | ||
30-32 | 1,2 හා 3 අංක එලීම අවසන් කිරීම | සංගීත අධ්‍යක්ෂක පැමිණීම | |
33 | 1 අංකය පූර්ණ වශයෙන් නැරඹීම | ඇඳුම් සැකසීම | සමරු කලඹ |
34 | 2 අංකය පූර්ණ වශයෙන් නැරඹීම | ආලෝක ශිල්පි පැමිණීම | |
35-36 | 3 අංකය පූර්ණ වශයෙන් නැරඹීම | මාධ්‍ය හමුව, බැනර් නිර්මාණය | |
37-38 | 1,2,3 පූර්ණ වශයෙන් නැරඹීම | ||
39 | 1,2 හා 3 එකවර නැරඹීම | ඇඳුම් සමඟ | සමරු කලඹ අවසන් කටයුතු කිරීම ඇරඹීම |
40 | 1,2 හා 3 එකවර නැරඹීම | ||
41 | ශිල්පීන්ට විවේක දිනය | පසුතල/ඇඳුම්/උපකරණ අංග සම්පූර්ණ කිරීම | පෝස්ටර් මුද්‍රණය කොට අවසන් කිරීම |
42 | 1 දර්ශනය සම්පූර්ණ වශයෙන් බැලීම | ||
43 | 2 දර්ශනය සම්පූර්ණ වශයෙන් බැලීම | ||
44 | 3 දර්ශනය සම්පූර්ණ වශයෙන් බැලීම | ||
45 | 1,2 හා 3 දර්ශන සම්පූර්ණ වශයෙන් බැලීම | ||
46 | සංගීත පුහුණුව | පෝස්ටර් ප්‍රචාරය කිරීම | |
47-48 | ආලෝක පුහුණුව | ||
49 | (සංගීත/පසුතල/ඇඳුම්/ආලෝක නාට්‍ය අංග සම්පූර්ණයෙන් නැරඹීම) | හඬපටි, සියලු දේවල් | සමරු කලඹ අවසන් කිරීම |
50 | විවේක දිනයක් |
51-52 | මංගල දර්ශනය |