8 වන පිටුව
 

අහසින් අවුත් මිණි අක් නියිඳු යැඳුමට
රහතත් මැදෙහි මුනි හිඳ මිණි පලඟ පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන් කොට
මහදා ගැප් හිමින් වඳු සොළොස තැන් සිට


සවන සතියැ වැඩි වසිනා දස දිගෙහි
පෙනිණ සෙවෙනි මුදලිදු නා දරණ ගෙහී
සවන හිඳිනු දන නඳනා නෙතු යුගෙහී
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි


සසරින් මුදා ලෙව් සදහම් අමා දී
එකගින් මුනිඳු හුන් වැනි නිරපමාදි
ලකුණින් සපිරි පිළිමය දැක සමාදී
වැඳගත් මිතුර තුන් සිත කරැ සමාදි


අප මුනිදු බුදු වන දින මුරුන් පිදු
පැහැ විහිදු දිලි කලදෝ යටින් යෙදු
සැදි සිනිඳු ඉඳුනිල් මිණි සතෙක බඳු
වැඳැ දුමිඳු වන පින් පල ත-අත බදු


විටංක පැකිලිඳු දකුණස දොරටු යෙන
නිසංක යෙන් පුද නන් තුරු ගොය සමින
කලංක නොව කළ සුබ ලකුණු බබළන
තිවංක නම් දෙපිළම නැමඳ බැසගෙන


සමනොළ ගිර ගිජිදු දිගු කළ සොඩෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටී
පැහැදුළ තුන් සිවුරු ඇදැ පෙරවැ වැඩ සිටි
තැනකළ සිවුරු දැගැබ් වදු නො පෑ පිටි


නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවු හුණු තෙල් සැළ තුබු තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමදින් යහ දසන


පිරිසිඳ නොදත හැකි මේ වැඳුම් පින් පඬුරු
මනබැඳ රැගෙනැ දෙන ලෙස දැක එසුරවිරු
සුරරද පාය වන් විජයොත් නම් මහරු
එම සඳ වඩන රජගෙට මිතුර වැඩකරු


පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන්පතින් සරසා සවන් සොඳ
නිලා දිගු නුවන් රසදුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬලැ කල් බඳ

(c) Shilpa Sayura Foundation 2006-2017