වදිමින් සවස නල හැසිරෙන දිග තුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබතුර විපුල
පතසන් අවර ගිර නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල
මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නියතින් නොහළ යුතු බව පැමිණෙන වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමඟ ගෙවෙනු ය දහවල් දවස
සැදෑ ළෙන් වරුණ දෙවි රද මුහුද විසූ
සඳෑ සහසකර එන මඟවත සැලසූ
විඳෑ උපුල් පිළිමෙන් රත් පටින් වැසූ
සැඳෑ වලා පෙළ පෑළ දිග පෙනුණු පසු
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන් තල සිරි යහන නිකසල
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ
දන කැන් ගෙන දමන ගොදුරට නොහැකිළිය
පනිමින් දියෙන් ඔවුනොවුනැගෙහි පෙරළිය
ලෙහෙලුන් කෙළින කර පෙණ පිඬු රළ රැළිය
එතැනින් පියාසර කර දකු මස්කෙළිය
පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොවපැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
දිය කඳ ගැඹර පිරි පුවතර මහ සයුර
මුවරඳ ලෙසින් වන අගතිසි කර තඹර
මන නද කරන මිණි ගණ මෙන් දිසි එවර
පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර
උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
ප!රදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින් වැඩුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි වැනි දැපුණු
සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
විමල් සක් ගිජිදු කුඹු සිරිවැස බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළදළු
ළකල් රනලියන් සරනා බල යහළු