බන්නේ මරාමිණි දුල පබළු මුතු පට
වැන්නේ ගමඹු ගෙල පලමල් කුමුකු වට
ගන්නේ ත-සිත එබැවින් නොවැද කෙළි යට
යන්නේ වෙළඳගොඩ දැක මඳ කලක් සිට
අවට සුපිපි සපු දුනුකේ සලළාන
හඬන තැනින් තැන විලිකුළු කිරළාන
පැසී නැමී කරල් රත් හැල් සහළාන
වඩින මැනවි මහවෙල මැද වෙරළාන
පත් ගන පුල් මල් දොඹ තුරෙක පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණියන් අතුරු
ගත් සරතස හැර සුවඳ මඳ මරු
කිත් සිරිමේ වෙහෙරට වදුව පස්වරු
සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සදවෙලෙන් රැඳි රුසිරු මනරම
වඳනෙහි තෝ දාගැබ් මහ බෝ පිළිම
සල්සපු කීණ දොඹ රැ රඟ නා මිදෙලි
පුල් එරහැදි හෝපලු මී අඹ පළොලි
පොල් පුවකුගු රඹ මල බුලත සලිමලී
නිල් ගනසා සෙවණලු දෙතෙර මනකලි
ගවසා සුපුල් කඩුපුල් මල් නිල්වරල
සලසා උකුළු වට රසුදුල මිණිමෙවුල
සකසා දෙතන හර සදනෙත් කර සිසිල
දෙපසා ඉහින නිල් පැහැ නෙත් දිගු සුළුල
මන හරුනා මෙණවියනිඳ ළ වැලි පිට
ගෙන මිණි වෙණ තත් නියඟින් මැද රුවට
කන එව කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඩොල් රඟ
දහවල් උයන් කෙළි කෙළ සලෙළුන් සමඟ
නුවනින් නිල් උපුල් මදහසිනි හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
සවනින් අඹල රත ලිය වන් ලියන් කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළ නිමුණු කල