1 පිටුව
 

සැරද සුලකලකුරු - මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය - සියනිඟි සැළලිහිණි සඳ


පුල්මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙ සරණ යුගු
සපුමල් කැලෙව් තුඩ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූ එව් - එබැවින් නුබින් එන වර


නිලු ද ළඳ සිදඹුවෝ දිගු වරල නිලූ
නිලු ද වට බිගු පෙළ අද තඹර නිලු


වන දෙව්ලියෝ නොකොළො ද සවන අබරණ
එන මඟ දුකෙක් නො වී ද සබදිනි කලණ
සනහස බැඳුණු තැන නොහරින කර දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ


ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි සිතුමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණ
තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණි


මිතුරු තුමෝ දුක සැප දෙකෙහි ම පැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩ ම තෙපලන එවැනි ගුණ ඇති
සිතු නතු කර අස යහළුව වඩන රුති


පව් රද කඳ ලෝ මුල් දිගතු බර
ලෙව් තුරු සුසැදි යස මිණි මුතු මල් පතර
සව් සිරි පිරි සුර පුර වන් කැලණි පුර
දෙව් මෙ හසුන් විබිසණ සුරිඳුට පවර


ගනවන් මියුරු නඳ දෙන ගුවන් වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මඟ සලකුණු මෙතැන් සිට


පොහොසද්ද න ඇති තුනු රුවන බැති පෙමා
මුලු වද්දන සුර පුර පිරි සිරිත් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදි තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා


සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා නමැති
ඇඳි පුර අඟන පට සළු සිරි රැපැයි නිති


සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවළ ලකහන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියෙලිය පවුර

(c) Shilpa Sayura Foundation 2006-2017