20 වන පිටුව
 

රසනු බසේ යුතු එමිතුරු යතිදු තුමා
දසනු දෙසේ සැදි යස තෙදැති ඔබටමා
දෙසනු ලෙසේ එවිය මේ අස්න මෙමා
අසනු තොසේ මැනවිය හිමි සවන් යොමා


සව් ඉසුරෙන් සුසැදි - කිහිරැලි පුල් සුරිඳු සඳ


සුරිඳුන් අතිනෙ'වර වර ලදුවත් සුදුසු
නිරිඳුන් ඇතේතිනි ලක රැකුමට පහසු


එබැවින් දැන් වැජඹි - පැරකුම්බා නිරිඳු සඳු


සත රැක ලක එකසත් කරනුව වෙසෙස
වෙත යොමු කර නිති වන තම කුලුණු ඇස


ලස නොව විරිදු සෙන් මන් බිඳිමින් නැවත
යස තෙද දිගා රූ සිරි දෙවමින් සතත
ලෙස සිතු රකුතු මැනවැයි එසුරිඳුගෙ වෙත
වැස මේ ලෙසට අයදිති දියුණමින් හිත


සුර නඑ බිගු සරන - පද තඹරැ'ති සුරිඳු සඳ


රිවිකුල විල සරන රනහස ලියෙ'ක බඳ
සුවිපුල සොමි ගුණෙන් පැරයු සුපුන් සඳ


රජමිණි වැජඹමෙන් - මිණි අකර සිරි සපැමිණි


සැදි දෙරණම්බා මුදුනත ලකර යුරු
මෙම පැරකුම්බා නරනිඳුතුමට ගුරු


සුමිතුරු බිසෝ සඳ දැක කුලුණැ'සින් උදු
වෙමිනොද නිතොර සැරදෙන ලෙස ලක පසිඳු
දෙමිනැ'ම ඉසුරු රකිනුය කර සිරි පුරුදු
ම-මිතුර යතිඳු සඳ අයදිති එ සුරනිඳු


සිරි සඳ රැඳි සොඳුරු - උර මැඳුරැති සුරිඳු සඳ


තෙරුවන් රුවන් වැළ සලසා සිය මුදුන
නුවණින් යෙදී ලක රකිමින් නිසැකයෙන


සුලකළ යස සෙමෙර - තුඟු දිගු ගජන් සවනත


සැදූ රුපුඹුවන් නෙතු රතුපුල් විලස
රැඳු තෙදැති මැති උතුමන් වෙත වෙසෙස


යොමමින් කුලුණු නෙත යස තෙද කර දියුණ
දෙවමින් දිගා විරු සිරි නොමඳ ගුණ නැණ
සියසෙන් සමඟ රකිනුය මෙරජ මැති ගණ
මෙලෙසින් තොසින් අයදිති හිමි එසුර මෙණ


ඉති මෙතතුව සැළ කැර රස හවු නුමුතු
මෙති නුදුවමි වෙතවුත් කියමිනෙහි තතු
රුති ලෙස වැස සිය නෑ සමඟ පෙම යුතු
නිති තොස සිරි විඳ තිසරිඳු සඳ පවතු

(c) Shilpa Sayura Foundation 2006-2017