19 වන පිටුව
 

සදමින් වරලස මලිගිය මලිනා
සුද'ඹර ගෙන රඟ දෙන ලිය ලෙසිනා
එනිරිඳු යස වෙන වෙන පිඬු වෙමිනා
පැලඹෙන වැනි ඒ රඟෙහිම සොබනා


පැහැසර නන් මිණි බරණින් ලකුළු
අඟමක රඟ බැස නොව කිසි කෝළු
ගත'ඹල වෙන් වට විහිදුනු සෙ සළු
මදහුගෙ සේසත් සිරි පැයි යහළු


කිකී බසටා කියමන් කවටා
සබදද නොගටා නඟමින් ගියටා
රඟ දෙති සතුටා ලිය මේ ලෙසටා
ඒ දුටු නොතටා රස'ඳුන් කුමටා


නිලුපුල් දිගැසි තන රන කලසී
සිදුලිය සදිසි සියුමැලි දිගැසි
රඟ බැස නොලැසි රඟ දෙන විලසී
දුට එම විගසි මදතෙම ඇවිසී


වන් නෙත සවි සත සිත් තොස රැන්දු
රන් ලිය වන් ලෙළ සියුමැලි ලන්දූ
මන් ලෙස දෙන් රඟ රැවු දෙමිනන්දූ
උන් දැක නෙත් තොප ලත් පල වින්දූ


සොබනා රුවිනා මදනා දිනනා
දකිනා මතිනා ලියනා පතනා
සුරනා නළනා ලෙසිනා රඟනා
නරනා නතනා මවිනා කො වනා


සිරිවන් එරඟ කෙළි නළු දැක්මෙන් නොමඳ
තොසවන් එනරනිඳු සඳු බැති පෙමින් වැඳ
මපවත් පෙරටු කැර කියමින් වෙමින් ඔඳ
දන්වත් මැනවි මෙ අසුන් ම මිතුර එ සඳ


කෙ පවත් පෙරටු කර කියමිනො'හු සතුටු වන ලෙසේ මා කෙසේ වූ රසනුසුන් අසුන් යළි දන්වනුද යත්


තවසරවරෙකු හා දෙරණිසුරෙකු කැමති
සමඟ මිතුරු වනු ලොව පැවතෙන සිරිති
මමද එයින් දෙවි නුවරෙහි වැජඹි නිති
මිතුරු විමි යතිදෙකු සමඟව ගුණැති

(c) Shilpa Sayura Foundation 2006-2017