පවර යස සතින් දෙරණම්බා සුසැදු
ගත'වි දෙලෙන'වල රුපු රම්බා ගිජිදු
පුළුල් උරැ'ති වන කුසුම්බා පුරුදු
වැජඹි එපුරවර පැරකුම්බා නිරිඳු
එරජ තෙද'ග වැජඹෙත ලොව දස'නු දිග
පබල ගතෙගි සිරි කියෙලිය අහස් ගඟ
එගත මුදුන රැදි යළි ඔහු යසෙහි රඟ
සුරන් යට'ග ලග සේ කෙහෙලි කෙළෙ දත
වැජඹෙන එරජ කෙසරිඳු ලක ගිරි අරණ
ඔදැතිව කෙලෙස ඇවිදිති රුපු රජ වරණ
සැලසෙන උදාගිරි සිරසට සැට කිරණ
තිබියෙයි අඳුරු නම් සකි කිය මුළු දෙරණ
තරසර ගුණැති එනිරිඳු ගිරිනිඳු පබඳ
මනහර කුලුණු සිලිලො'ත වන් වලා රොද
නොමහැර මෙලක ඇල්කෙත ඔද කෙළේ මෙද
මමිතුර සතන් සිත් මියුනුදු කෙළ නඳ
ගැඹුර ගුණ තියුණු නැණ තිළිණ අදහසා
කුලුණු මෙන් රුසිරු විරුසිරි රුසිරු රැසා
දිගා බල මෙ ඈ රැස් කැර බඹහු තොසා
මැවු වැනි එ රජ සිරිලක රැකුම නිසා
ඇතැම් කිවිඳු තුනු සිරිසරව මල්සරු
උවමි කෙරෙති නොම දැන පැවති තොරතුරු
උතුම් රුවැති එනිරිඳු කැර ඔහු අයුරු
නොවෙමි මමද....මහලැන හට ගුරු
පෙමා මැවූ ඔහු දකිනුව ලොව ඇදුරු
තමා නුවන් තව දියුණනුව නිරතුරු
සමා මා සිතින් ඉඳ පියුමස්නේ සොඳුරු
පමා නොවී දපනුව මෙන් විය මතුරු
බැති සිත නුමුත තෙරුවන වෙන ගුණ පුරුදු
සව්සත දනුත සුරගුරුවන ලොව පසිදු
රුපුසත සතත බිඳුවනනත තෙදින් රුදු
කෙසමත වනත මුළු දෙරණත එනරනිඳු
නීල'ඹර උසුලමින් නිසලව සිටි සතත
දළබර ඉසුරු සිය ඇත ඔවුනෙ'සිරි ගත
සැදිවර කොතුරු පේකඩ සේ ටැඹින් යුත
මනහර සබා මඩුයෙහි පැමිණ සිරිමත
සහ සෙන් ඇමති ගණ මන කුමුදු කැර නඳ
පැහැපත යුගත් පියුමි'ළු කර මුහුළු සෙද
සිහසන උදයගිරි මුදුනතෙහි සිරි නද
සහතොස මෙඅප නිරනිඳු සඳ වැජඹි සඳ