සමත ඇදුරු රස පිරි සඳ සක් සුසිරු
අනත බුජග ඉසිමින් දිය ගොසිනි තුරු
මහත ගුරුළු දද වේ මුතු මිණි සපිරු
සතත එපුරවර දලනිදු එක අයුරු
දම් සෙනෙවි සැරියුත් - මුගලන් දෙ අග සව්වන්
පිළි වෙළිනි පැවතෙන දස දම් කඳ ඉගෙන
යළි එළි කරන මොක්පුර නැණ වැටුපු ගෙන
සිහි යොතිනැ'ද ඉඳුරු - දුවසුන් යොදන සුබ මග
තුන් දොස් රදස දුර ලන සියලග රැඳුණු
සතළිස් සමත බවුන'ඹයෙන් නොකැලඹුණු
සසර පියුම් වන බට ගිජිදුන් අයුර
අදර කරන සතහට දෙන වත ඉසුර
පවර මෙවන් ගුණ යුතු සඟ ගණ නිතොර
වෙහෙර පතර සැදුණෙය වෙත එපුරවර
පිවිතුරු තුනුරුවන් - ගුණ සිය මුදුන් මිණි කළ
තෙතිස් අදිකරණ විදි අතැඹුල සෙ දත
සතොස් සත'ඟ යුතු රජ රැකුමෙහි සමත
සොබමන් තුන් බෙලෙන් - සිරි ලක ඉසුරු උසුලන
විකුමෙන් යුතු උතුම් තෙවිකුම් සෙ එඩි වැඩි
සමදන් දඬු බෙයින් රුදු විරුදු මන් මැඩි
ලෙවන් රැකුම් පොහොසත් සගුණෙන් නිතොර
රුවින් ඉසුරු පන්සර දෙවි සෙවි නෙ'යුර
සිරින් වෙසෙස් වෙසවුණු සිර ගත නොහැර
මෙවන් නමැති මැති ගණ වැජඹෙත් එපුර
විසි නිය කොපොල් බොල් සත් තැන් බිම පිහිටි
උස් කුඹු දකුණු දළ දෙ අසුන් සමව සිටි
මද මත නොමද යුද බෙර ගිගුමට නොපැටි
බල මෙලකුණු ඇති එහි මඟුලැ'තුන් සැටි
විමල් හිදල් වල් බර බර දසන් යුත
තුලුල් ලුහුඩු සවනුදු දස දුව නුමුත
ළකල් මෙ ඇ පස් කලණින් සැදි සතත
විසල් එපුර තුරඟුන් මැනවිය දකුත
හිරු සැර දෙන සිවුරඟ සෙන් පද ගසිනි
නැඟි රෙද කඳ සිය සියලඟ වැකි විසිනි
දින දින රිවි අත් ගිරි පත්වන ලෙසිනි
සැනහෙති සිතෙනුය පැළ සයුරට ගොසිනි
පත එපුරෙහි සිරිසර වෙන වෙන වනත
සත න'තුරින් කිවි පොහොසත යෙනි අනත
වත දහසක් තව සිවුමුව මැවුව මුත
නැත නොසමත සිතෙ ඇති මුවෙනි පවසත