15 වන පිටුව
 

තුරු වල නාලිය සොඳුරා හා
බිඳ රඳ නාලිය වඳුරා හා
සහය නෙ නාලිය කිඳුරා හා
දද කෙළනා ලිය මැදුරා හා


නඳුනු'යනා සිරිනි දිනා
තුරු එවනා ඔවුනො'වුනා
අතු අතිනා පහර මිනා
මල් රැසිනා ගනෙ'වි සිනා


පිපි සපුනා තුරු පඳුරාගා
වගල ගනා ගිරි කඳුරාගා
ඇත සරනා සඳ කිඳුරාගා
බල තොසිනා හැම ඉඳුරාගා


වෙනෙ'මා රුකුමා එ ඇමා නහමා
යළ මා නව මා ලැබමා ඔදමා
මෙතමා නුව මා යව මා වතමා


නෙතු'පුල්ලා පුද කළ සඳෙහි මුනිඳුන
රැඳි නිල්ලා පැහැ කිඳු තව නොගිය මෙන
ගන නිල්ලා සිටි දල පතරැ'ති සොබන
යව ඇල්ලා කොළ හිමි දුමිඳු වඳිමින


පඩෙරඟ රඟ දෙමින් සිය ගිරි හිසේයා
සියලග අඹළ මෙන් අදහස ලෙසේයා
දෙළෙලග ගඟිනි හුණු දිය බිඳු ලෙසේයා
සුරමග තරඟ තරු දිසි එව්ගසේයා


ඇතියම් සිරි තැනෙක වු ලෙසිනි බබළනා
සිතියම් ඇති නොයෙක රුදු සොදුරු විමනිනා
බැතිපෙම් තුනු රුවන ඇති සත නිතොර වනා
දැතිගම් පුරවරට වදු මිතුර සිතු මෙනා


මිතුරු සඳ එපුර සිරි පසස්නා තා සවන් සද


ගැඹර අගළ මෙවුලින් පුන් කුඹු තෙනෙති
නිතොර සොබන මහ වේ සිමන් ඉරිනි
එපුර අඟන නළලත දුන් තලා වැනි
පවර ගොපුර සිරි දකු මමිතුර නදිනි


එහි ලද'ගන දුන් දුන් සේ අත් පහර
බිම වැද වැද පෙද උඩ යන ලෙස ඇඹර
උන'තිනි ගෙල් ලැබ ලැබ දළ ලොබ නිතොර
පසු බැස බැස සලෙළුන් වෙර වදින යුර


බඳ තැන තැන දද ලෙළ දෙන නෙලේයා
පත පිළිබිඹු පිළිමිණි කැට තෙලේයා
බැස සුරගඟ සිලිලෙහි සුවිමලේයා
තොස කෙළනා වැනි සුර සිදු කැලේයා

(c) Shilpa Sayura Foundation 2006-2017