14 වන පිටුව
 

විදු ලග මේ කුළක් - වැනි රුවිනි'දුළ දළ
පැපත් වැටුපු ළං ඉඳු මිණි පෑ දිනිය
සේ ඇත් සොඩෙ'ක්වන් යුවළ'ත් කුම් වැනිය
පඩෙර ගිරි පස හුණු - ගඟුලැලි යුවළ විලස'ළ


ලඹ දෙන ළකල් අක පට අම පිඩෙ'ව් ගත
නුඹ ගඟ සුනිල් හස වැළ ඇත එසිරි ගත


පද නියෙනි රසු'දුළ වතළ තරු වැළ සද'බ පබළේ
සඳ රුසිනි ඇකිළෙන තුසර රැඳි තඹර මන් පහළේ
සොඳ රුවිනි යුතු ඉති නතිඳු එම මුනි නිවස බැබළේ
වැද තොසිනි ඔහුදු අයදු කුලුණු දෙන ලෙස මන දොළේ


බෝරා යස වියන මහරු සිරිලක් මැඳුර වෙසෙසි
තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී
වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී
තාරා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී


බැස එයිනේ ගිය සඳිනේ - නිල් ගුවනේ තරු ලෙසිනේ
වන මුදුනේ කුසුම් කැනේ - වෙසෙස පෙනේ නුදුරු තැනේ


මුව රඳිනේ ගැවසෙමිනේ
වන හිසිනේ එන පවනේ
සිසී ලසිනේ දැහැ ගිමනේ
දකු තොසිනේ සිරි එවනේ


මුව පොවනා ළපලු රුසා
බුදින සෙමෙගි මුවන් තොසා
ළපලු ලෙළෙන ලෙස තුරු සා
බිය ගෙන වෙවුලන විලසා


නිල් කටරොළු මලින'වුලා
ගන සාබර තුරු සියලා
විදා සඳැස් පිල් සුනිලා
රඟන මොනර සිරිනි'දුලා


සේපාලිය මලින් ගිළී
සැදි පිළිමිනි ගිරි අතළී
පබළ අකරනෙන් උදුළී
කිරි සමුදුර විලස හළී


නිමලිය සුදු වැලිය
සසලිය රළ මලිය
සුපුලිය පියුමැලිය
විපුලිය වන විලිය


මුතේය ලඹ අතේය
සතේය සිරි ගතේය
මුතේය කුසුම තේය
යුතේය තුරු පෙතේය


පතේය පවන තේය
වෙතේය නොනැවතේය
යතේය මාවතේය
ගතේය ගිමි මුතේය

(c) Shilpa Sayura Foundation 2006-2017