12 වන පිටුව
 

පිපි සල් තුරු ගැවසි දිසි කර වැළාන
දකිමින් ලකුළු මාදළු මූකළාන
කොක වැළ සුර'වි දුළ මා මේකුළාන
යන සඳිනෙ'සඳ යව මග නොව මුළාන


වෙනේ එසිරි දැක ගිය සඳ මග බඩය
පෙනේ රුසිරු ඉසුරෙන් සැදි වැබඩය
ගනේ ලියෝ පැලඹෙති හස දප මැඩය
ඉනේ නොවැද මග ගමනො'ත හොත් වැඩය


මග දෙපස අරණේ - සිරි නෙතැ'ද ගොස් එකෙණේ
වැඳ හිඳ වඩන කලණේ - පිසඹිය තුරෙහි සෙවණේ


ලඹා දුහුල් පට වසමින් තන උදුළ
තබා පියෙන් පිය පියන'න් ගෙන සලෙළ
බබා යනෙ'න රුසිර'ඟමනන්ගෙ සුලකළ
සුබා නෙතැ'ඳ යව ඒයෙන් ඌරුවල


මිදෙල් මිදි ලමග නුග රැරඟ කරඳ
කිතුල් පොල් පුවක් පුවඟු'ගු සිඳුවරද
විසල් ළසල් සායුරු තුරු කැන් නිබඳ
කෙහෙල් වේරුගල බලමින් යව සබඳ


පිරි කුසු මැල්ල රැඳි සහගුම් බිඟු දැල්ල
තුරි සෙවණැල්ල සැර දෙන ළඳ සියුමැල්ල
දැක එසියල්ල යොමු කර නෙත් මිණි නිල්ල
සිතු නොමඅල්ල රැඳුමෙහි හිස්පත් ඇල්ල


සත් මිණි අබරණ සිලිලාර දුහුලින
සැදි මහවැලි ගං මුතුහරිනි බබලන
සිරි ලක'ඟන මත කිරුළෙක අයුරු නව
එහි වටදාගෙය වැඳියොත් වැඩෙයි පින


අටැස් ගොවිදු හර සුර නරෙ'ක සරණය
අටැස් සතර වෙහෙරින් යුත් සඟ ගණය
අටැස් නොලා ගෙයි තොප ලගුතු කලණය


තඹුරු සපිය පියයුරු වන ලෙස එක්ම
අඳුරු වත පැහැර හැර රසතින් දික්ම
ඉඳුරු දිග'ඹ වැලදිය ලෙස කර දැක්ම
මිතුරු සඳ වඩින් ලැගි නිවෙසින්


විදුනා සුනිල් කැලුමො'ත වන'ඹර ගැබට
පුන් සිසි බිඹුහට කරනුව මෙන් ගහට
වැද පෙරමඟ සැදි සා බර වන ගැබට
බල එහි සිරිසට මමිතුර සිතු ලෙසට

(c) Shilpa Sayura Foundation 2006-2017