11 වන පිටුව
 

නෙතු නිල් උපුල් ගහනත කුසුම වත්තල
වර'ඟන වොරැදි සරහන නළල වත්තල
නන් දෙසිනො'සළ සතහට සෙතට වත්තල
බල සහතොසින් සවිසිරනු'දුල වත්තල


යෝනන් නුවන් පැහැසර දිය හය තරඟ
නේසෙන් සිලිල්සර පතරෑ'ති විදි ගඟ
පාමින් ගමන් ගත් කලදෝ නැවක රඟ
යාගන් එයින් මමිතුර සිරි මඟා මග


පැදුම් හිසල් තුරගෙහි රැඳි මහරු
කුසුම් කැනක සිරි සිසි නොම ලබන තුරු
උවම් කරත නිසි පුරවරට පුරඳුරු
උතුම් කැලණි පුර වදු හස රඳ සොඳුරු


දිමුතු මුතු ලැලින් සොබමන් විමන් වට
ලෙළෙන කෙහෙලි රසු ගොස ලෙසිනි සුළඟට
කැලණි එපුර සිරි පිළිවිසි සුරන්හට
වෙසෙස නොහැර තෙපළන වැනි ගොස් වෙතට


ගොස් තම පුරවරට කෙළ ඇවිදිනි පෙර
රොස් පුරඳුරු ලොව ගිරි පිය සිඳින වර
රැස් ගත'යුරු ගිරි තැනකැයි බියෙනි තොර
උස් පහ මුළු බල සුලකුළු එපුර වර


තරසර නිය නැවින් ගත සයුරු තෙර පත
මනහර ගැඹුරු ගුණනඳ නියවතුන් යුත
පැහැසර රුවැති වර අඟනන්ගෙන් නුමුත
මමිතුර එපුවර සිරි වනත කෙ සමත


ඉසේ ගජන් වැජඹුණු බිහිසුණු මිගිඳු
ලෙසේ විරිඳු දප බිඳි තද තෙදින් රුදු
යසේ වැජඹි විබිසණ නම් සුරිඳු සඳු
වෙසේ එපුර සුරිඳු ත‍මෙක් ලක පසිඳු


මනරම් මෙ අප සුර රදහට පටන් පෙර
බෙතිපෙම් දියුණු කර දවස'ළ එ සුරවර
රිසියම් ලෙසක වැඳ එහෙයින් මන් නොකර
සිතියම් ලකළ එහි මැඳුරත ලැගුම් කර


පියවුරු බර දිගැසිය අඹර කොළතුර
සිය කර දිගු කර රසවත් රැගත් වර
ලිය සැවුසෙන් ගිගුමෙහි නෙතතිඳි දුරැ'ර
ගිය මැනවිය මග බැස ලැසි නොව එපුර


රඟන හුරු රළන් ගෙ-විල් අස තිළිය
නොදැන පුවළ දළන් කොපුල් පිට දුළිය
නොලා පොකුරු කුරැ'ග විමල් තුඩු යළිය
වඩන සබඳ ගෙවා ලුහුල් මස් කෙළිය

(c) Shilpa Sayura Foundation 2006-2017