10 වන පිටුව
 

මනකල් නිස දිගැස පත රිවි මැණ ගෙනැ'ර
සුනිමල් පැළ සයුරු කරඬුව නදන් කර
ගනබොල් තම පියන නොම ලන තුරු පවර
පිටුඋල් ගමු වදන සවි ඉසුරෙන් නිතොර


අදහස් ලෙසේ ගමනො'ත බිසරුවන්හට
සිසිරැස් දොහයි යන සැක උපදින ලෙසට
තුනුරැස් පතුරුවා වැද ඒ ගම මැදට
ගෙසරස් විලෙයි පිය ලෙන සිය කුලන්හට


වරා ගිමන් ගමනිනි බඳ නිබඳයෙනා
සරා වලා යුග ලග වනු සෙ පවතිනා
නුරා සිතැ'ති තිසර'ඟනක ළඟ වෙමිනා
පුරා ත-මනදෝළ ලගු එහි තැනක මනා


නිසා උරග ලිය පලවමිනි දුරු දෙසේ
රසා පිලුදු විදමින් පෙර ගිරිදු හිසේ
තොසා දිනිදු මොනරිඳු සදිසි එවිගසේ
ලසා නොවී ඉන් යා ගන්න මඟ බැසේ


කෙරෙමින් තුඩු අතු පතර සල සලාය
බුදිමින් සොඳුරු නව පලු පුල පුලාය
මුවකැන් යනෙ'න වන පෙත බල බලාය
යාගන් මිතුර මග බැස දුල දුලාය


ඔලඹන තුනුවගින් තුඟු පින් පියවුරන
පොලඹන දුටු මතින් දන මන නුවන් ගෙන
විසඹ රස හසළ සඟනන් නිතොර වන
කොළඹ දැක යන්න නන් සිරි නිවෙස් වන


තවසර වර හැර සෙසු දන වන සුමුව
දිවසර අයුරු ලිය රත'දර ළපලු මුව
අවසර නොව ඇවිදින නිති සලෙළු මුව
මුවදොර දැක යව ගෙවමින් වනගොමුව


සමත් සටන බළ මුළු රැදි පෙර පටන
නිවත් රටන රැකුමට සුරතුරු වටන
නුමුත් තුටන ලද සොද ලිය නරඟ'ටන
අලුත් පටන දැක යා සිරි සුපිහිටන


මුනි සරණ'ග මිණින් - සොබමන් සමන් ගිරි රද
තම හට නඳුන් දු තනතුරට එළඹුණු
වැලිපට මෙවුල් දම් මින් බරණින් සැදුණු
කලණ බැවින'පමණ - කැලණි නමිනු'දු පුවතර


රසවත් ඇළ කඳුරු පිරිවර ලියන් ඇති
දනනෙත් දඟ කරන ගඟ වරඟනගෙ ඉති


රළ'ත ගෙන කොමළ සයුරිඳුගෙ රළ අත
තබන සසඟ සිරි ලත් ඔකදින් මහත
තහත කෙළින කෙළි තව නොහැර උනුන'ත
බලත නිසිය ඉන් ලැසි නොවව ඒ වෙත

(c) Shilpa Sayura Foundation 2006-2017