කිසියම් ඡන කොට්ටාශයක් ගෙන ඔවුන් යම් පරීක්ෂණයකට ලක්කරන විටකදී ඔවුන් සෑමදෙනාම නියෝඡනය කරන පරිදි කිසියම් නියැඳියක් (sample) තෝරාගැනීම සුදුසුය.
එයට නියැඳි අවකාශය කියමු. නියැඳී අවකාශයේ තරමට අනුව ප්‍රතිඵල වඩා නිරවද්‍ය වේ.
මෙය එතරම් පහසු නොවන අතර නියැඳියේ තරම පිලිබඳවද සැලකීමට සිදුවේ.
උදාහරණයක් ලෙස පහත ගැටළුව සලකමු.
කිසියම් බස්රථ සමාගමක් එක්තරා නගරයක බසයෙන් ගමන් ගන්නා මගීන් පිලිබඳව සමීක්ෂණයක් කරන ලදී. එක් සවස් වරුවක මෙම සමාගම එම නගරයේ වැසියන් 100කට දුරකථනයෙන් අමතා "ඔබ පසුගිය දෙසතිය තුල බසයකින් ගමන් කලාද?"යි විමසීය.
එම නගර වැසියන් 19 දෙනෙකු "ඔව්" යැයි පිලිතුරු දෙන ලදී.
එවිට එම බස්රථ සමාගම එම නගරයේ මුළු ඡනගහනයෙන් 19%ක් බස් රථවලින් ගමන් කරන්නේ යැයි නිගමනය කරනලදී.
මේ පිලිබඳව ඔබේ විවේචන 3ක් දෙන්න.
124,000 ක් වූ නගරයේ ඡනගහනයට අනුව වැසියන් 100ක නියැඳියක් තෝරාගැනීම ප්‍රමාණවත් නොවීම
සති 2කට පමණ වරක් බසයක ගමන් කරන නැතහොත් කෙදිනකවත් බසයක නොයන නගර වැසියන්ද එම නියැඳියට ඇතුලත්වී සිටීම
සමීක්ෂණය කරනු ලැබූ එම සවස් කාලයේ බස්රථ වලින් ගමන් ගන්නා කිසියම් අයෙක් සමීක්ෂණයට ඇතුලත් නොවීම යනාදී කරුණු ඔබ විසින් ඉදිරිපත් කරනු නොඅනුමානය.