දෙළෙ බර ඉසුරුවන් - ගන සා බර පුලුපුයෙන්
සෙවණො'ත මගම තොගොසින් - එතෙරව යා මොළපුයෙන්
උතුම් රිවි පිය වියොව විලඹුව සොඳුරු
පියුම් දඟ බිතු රැවුනි රැවු නොදෙන තුරු
ලැසුම් නොව ගොසින් ගෙවමින් මග අතුරු
ලැගුම් වනු කැමත තොටගමු වෙහෙර වදු
යනෙනා දනා හට නඳනෙ'වි එහි වෙහෙර
සොබනා සුදු වැලි'තුළ මළුවේ නිතොර
රඳනා සඟවැළ දුටු වර කිරි සයුර
ලෙළෙනා පබළ ලිය සඳහන් වේ මිතුර
එසිරින් උඳුල සඟවැළ සහ දුමිදු සඳු
සමගින් තිලෝගුරු මුනිවිරු නතිඳුනුදු
වඳිමින් සිතැ'ති අදහස වන ලෙසට සිදු
යදිමින් ලැගුම කර තැනෙකෙ'හි සුපිරිසුදු
ගඟන අඳුරු ගජ හිස රස් නිය පතර
බහන සඳෙහි රිවි කෙසරිඳු විකුම් සර
වහන සිහිල් බොල් පවනින් නිදි ඳුරැර
පහන එයින් මග බැස යාගන් මිතුර
ලිය ගුමිපා පතර බලමින් ගොස් සෙදය
මනරම්පා පෙළැ'ති අම්බලමේ ඉඳය
තුනු ගිම්පා කර එන මඳනල විඳය
මහ දම්පා මුව දොරිනි වැඩියෙන් සොඳය
මුතුපට සේය වැලිතල උදුල මුවදොර
දියපිට සේය දිසි වර තගෙම මනහර
සහතුට වේය සිය ලිය යන සැකිනෙ'වර
වැලිතොට ඒය ඉන් ලැසි නොව යව මිතුර
උසා බොනුව පරසතු කුසුම පියකරු
ලසා නොවි දිවි දිගු කෙරෙමින් සොඳුරු
රසා තෙලෙන් නගිනා නා කැල අයුරු
තොසා තො මග මග යා දුල නෙරළු තුරු
විමල් පෙණ පිඬුවෙන් වලාකුළ'වි නුබ
සුසැදි වැලි තුඩුවෙන් යනෙ'න ඔබින් ඔබ
ලියන් නෙත් කඩුවෙන් පහර තෝ නොලැබ
අසුන් ගල් කඩුවෙන් යා ගන් මිතුර නුබ
නිරතුර තම වෙත පත සත සතපමින
වෙරසර තස නිවනුව සොඳ සිලිල් දෙන
තර සර බැව් යුතු සුදනන් ගුණ'ඟවන
පරතර කය පොල් උයනේ ඉඳ වඩන
![](/sayura/images/logo2.png)