නොහළුවෙන් සොඳුරු සුර අඟන එකළුව
හසුළුවෙන් පාස නව රසම ඇතුළුව
බැමළුවෙන් විදිති නෙත් සැර ලියො මුළුව
කතළුවෙන් එවන් යාගන්න යහළුව
දුරම ඇසෙන සමුදුරු ගිගුමේ තරම
බිරම නොවේ අසමින් ඒ සුමුදු රම
තෙරම ගොසින් දැක ලණු මෝදර අරම
විරම කර වඩින් නොම සිඳ වෙර උරම
කුසුම දුන්න රඟ දෙන රඟ බිම් වැන්න
පුලින තැන්න සිරිසර නෙත සලකන්න
සතුටු වන්න මඟිනි'වතට නොවදින්න
මිහිරි පැන්න දැක සැතපී යා ගන්න
රුකු ලේනන් සාමුව කැන් පිනිමෙනි
නැඟී බසින තුරු පෙන දුර පෙනීමෙනි
තොප කැඳවති යන සැක සිතු දිනීමෙනි
ගොස් නොරැවට මග බැස යා තැනී තැනී
අසුව පියබඳුන් පිය රැවු ඇකිල්ලේ
පයැද යා නොහී මග වේ මුළුල්ලේ
සිටිති සලෙළු මුළු රති කෙළිය ලොල්ලේ
බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලඟ
රඳනා මනා මග වේ සල්පිලුඩුවල
නොම වන බොළඳ වෙළඳ'ඟනන්ගෙ තුඩුවල
ඇතියේ නම් කරන කොලහලය බඩුමිල
රැඳුමට සිතක් ඉන් නොසිතන්න උඩුතල
මාවතිනි'වත සැදි ගම නම් එදඩහලු
සැරසු කුසුම විය දෙවියාට ඉඩමලු
ගියවුන් ලබනු නම් ඔහු කුසුම කඩමලු
එයිනො'බ නොගොස් මඟ වඩු මිතුර වැඩකලු
මහරු සමන් ගිරි කිරුළින් සැදි වෙසෙස
සොඳුරු මෙසිරි ලක'ඟන වලඳිනු පිණිස
සයුරු රජහු දිගු කළ දිගු අතෙක හස
මිතුරු සඳ වඩින් ගිං ගඟිනෙ'තර බැස
පිවිතුරු සිරින් සරඟන රත්ගම් ගණය
මහසඟ නම් සෙත් පුරයට හෙමි හිණය
එමහඟු සඟන පවසන මනරම් බණය
අසමින් වඩන නිවමින් තුනුහිමි ගණය
වැටිය සුනිල් කෙස් බැඳ කුසුම දැවටිය
සැටිය පැපැ යන එන ලිය තුනු යටිය
සිටිය නරඹමින් තන රන හස පැටිය
අටිය වමින් නොලසව උඩුගල් පිටිය