පතඹ කිරඹ මිහි අඹ නන් දොඹායා
කොසඹ කොසඹ දිය දඹ මග දඹායා
කොළඹ පොළඹ ඇට අඹ වට රඹායා
නරඹ කරඹ එය ලඹ වන ගැබායා
කල් සිතු සේය දිසි එහි තුරු සියල්ලේ
මල් වතු සේය තොසිනි'ද වඩමිනැ'ල්ලේ
ගල් යුතු මේය විසිතුරු බැලුම ලොල්ලේ
පොල් වතු ඒ ය ලැසි නොව වඩන වැල්ලේ
දුන් මනහර ගිරි රද කරඬුවෙ රුදු
රන් පියනක සිරි නොලබන තුරු දිනිදු
මන් පිනවන සිත සිතුමිණි සුර තුරුදු
වන් සිරිබර මහවැලිගම් පටුන් වදු
පැහැසර විදු විදුම රන් මිණි මුතු නිතොර
මනහර එහි මග වේ සල්පිල් පතර
නොමහැර ඇති සිලිල් කුඹුයොන් රැගත් වර
පුවතර මිණි අකර සිරි කියලිය මිතුර
මන් ලෙස යනෙ'න එහි අබිසරුව සිය ගත
නන් මිණි බරණ නුලුවද අලු බියෙන් පත
උන් තුනු කැලුම් උන්ටම බිය කෙළෙ නැවත
ඉන් තම අයිති නොවනුම නියති තම ගත
සොබමන් රිය පබළ ලිය නන් විමන් ගිරි
සරුවන් කිවි රුවන් නන් තුරු ගොස ඉතිරි
දදමින් භය තරඟ ගජ මේ කුළු සපිරි
එපටුන් මහ සයුර මුවකින් වනනු බැරි
කුසුම වියා එන කල් කියනුව සෙ සෙඳ
සරසවියා ගොස කර නිවෙස ගත් සඳ
මහ නැවියා පොකුණෙහි පොකුරු සිරිනද
තොසැනැවියා ගොස් එපටුන් සිරි නෙතැද
සුසැදි සිරි මා බෝ - අක්බෝ වෙහෙර මනහර
පානා සිවු උපා සිරිලක රැකුම තිසා
සේනා ලකදියර අගමැති සිතැඟි ලෙසා
පුරමින් දස පැරුම් - පතමින් පසිඳු බුදුසිරි
පෙරවු අයමි විතරින් මඳකුත් නොහැර
කරවු පිළිම ගෙට වැද ඉන් ගොස් එවර
අමා නිවන් පුරයට මාවතක් බඳ
සමානයෙන් යුතු මුනි රූ දැක එසඳ
පෙමා බරින් නැමෙනුව මෙන් නැමී වැඳ
සමා සිතින් ලගු රැ එහි තැනක සොඳ
සඳ හිමි නිසි නිසා කත රස'තින් වැලඳ
විඳ පාසේ රස වියොවට පැමිණි සඳ
මඳ සැවු දිය පොළඟන ගිගුමෙන් පිබිද
සෙඳ යා ගන් ඉන් මඟ බැස මිතුරු සඳ
දුටු දුටු දනා වන ලෙස පාසේ අටිය
කර මුල් පැපැ පිරි මදිනෙවි කෙස් වැටිය
ලිය ගී කියා යන ගැමි ලියනගෙ සැටිට
බලමින් වඩින ගෙවමින් පෝකරපිටිය