4 වන පිටුව
 

එත සලෙළුන් කොපමණ පානා ඉඩම
පුර වෙසඟන සැදි මා වේ මුතු වඩම
මැද බැඳි මිණක් වන් ලෙවි නඳනා මඩම
දකිමින් මඟුල් වැලි තෙලෙහිම කර වැඩම


සියුමැලි තගෙ තෙල සරණ පල්ලේ තුඩම
පැයේ සිරිනි එත කිරණැල්ලේ සැඬම
නොම සිට නෙරළු තුරු සෙවණැල්ලේ වැඩම
කෙරෙමින් ගණිඳු දැක යව වැල්ලේ මඩම


කොහොමි ගස පොකුණේ
සැනහෙමිනි මඳ පමණේ
යාගන්න මග දකුණේ
විසිතුරු රුකන් සෙවණේ


යන එන දිගැසියන් ඇදි සළු මිණි මෙවුල
ලිහිලුදු කෙරෙයි නිල් වරලුදු මලිනවුල
ඩා බිඳුද සලෙළු ගුණ ගත් උග්ගල් බැවුල


ඉන් ගිය කල තගෙ මෙයතුරට රවටන
මෙන් අඟනෝ ඇවිදිනි සුරඟන වටන
උන් පියවුරු දුර දැක හසුනැයි නටන
මින් තුටු කර නොලසව මාපා පටන


පුල් වලා කුසුම දිසි කොක වැල නිලස
ලොල් වලා දියැර ගැනුමට බිමට බැස
නිල්වලා රැඳි සෙ සැදි මාරුතු දෙපස
නිල්වලා ගඟි'නෙ'තර යා ගන් සතොස


සුසැට කරණ නව රසයද දැනීමට
මෙරට තමන් ඇර නැත්තා සෙ පාසට
කීමට සපත් ලද අඟනන් දැකීමට
මාතොට වැලින් නොරඳව මිතුර බෝකොට


යනෙන දනා ලැසි කර තම සිතංගම
පුරන ලෙසේ නොම ඇර කරන රංගම
බලන පිණිස නොම සිට එතෙර සුංගම
වඩන මැනවි තර කර මිතුරු සංගම


තැන තැන කෙළන මියුලඟනන්ගෙ උදුළිය
දිගු නෙත් කැලුම් දෙන වර තගෙ ගත රැළිය
පුන් සඳ විලස පෑ සස ලපිනි බැබළිය
ගෙවමින් යතුරු කර පඟුරන් වෙල් එළිය


අවට සැදි රුප්පා
අම්බලම කස රුප්පා
දැක තනෙතු සිතු සිප්පා
යා ගන් පා සතප්පා


තඹුරු හමුව සිහිලඹ පිරි ගෙදිගුවිලා
තඹුරු සෙමුව පැ පැ කෙළිති ලියො පුලා
තඹුරු තමුව මුවරද ලොලිනි එහි නොලා
තඹුරු ගමුව දැක යා ගන්න මග බලා


එමග යුග පස දිසි තුරු පතර වෙසෙස අස

(c) Shilpa Sayura Foundation 2006-2017