3 වන පිටුව
 

මොහු යස දස'ත පැතිරෙන ලොව වතිනි ඇම
තම පැහැ නොහැර පැවතියෙ නම් නියමවම
රුප'ඹුව නුවන රත තර හා සුරිඳු මෙම
ගත නිල් පැහැය මිස නොපෙරළියෙ නම් කිම


කළයෙන් උපන් අගතිසි නම් එකෙකු පෙර
එකැ'ඳිලිනි ගත් වර වියළිනි සත් සයුර
ඇම සුර නරන් ගත නෙතැ'ඳිලියෙන් නිතර
නොනිමා වැඩෙනු මිස මොහු රූ එක සයුර


සතොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ
වියොවින් පැමිණි දුක් නොම විඳ එ අවසරේ
රැකියෙන් මිසක බඹ බඹසරම අරතරේ
සොවගින් තැවි කළු නොම වේද වෙනු යුරේ


ලොබැර තිදස පුර සිරි සරිනි ලෝ මුදුන්
ඇසෙන විගද යුත් ඇඟ සිය විතර යොදුන්
නරන් රකින ලෙස සපැමිණි මෙසුර රඳුන්
කුලුනු වනනු කිම අමුතුම මිතුර නඳුන්


නඳ කළ සියලු සත සෙත දීමෙන් නිබඳ
බඳ යස කෙහෙලි දිගු දිගු යට'ගෙනි නොමඳ
මද යුරු සොඳුරු රූ යුතු මේ දෙවිදු සඳ
සඳ ලෙස අයැද වැඳ සමුගන් මිතුරු සඳ


වැජඹීමෙන් උදම් - ලත් මේ දෙවිදු නිසයුරු


සයුරු අයුරු මෙවෙහෙර බබළන රුසිරු
රුසි රු සරින් යුතු තුන් දියටෙ'ක ඉසුරු


ඉසුරු නිවන් දෙන - මුනි රුද ලකුණෙනි සරු


නිසරු බව ගිමට සෙවණො'ත එකම තුරු
මතුරු යුරි රුසින් අයන'ළ පවි අඳුරු


අඳුරු රැසෙවි දුම රදුනුත් සෙත් කතුරු
කතුරු වන් සිඳින මිසදිටැඹුල පතුරු
පතුරු වන තෙදැති දිව විමනත මිතුරු
මිතුරු සඳ සඟ ගණද වැඳ කර යතුරු


සොදේ තුඩින් පිය පිය යුවළ පිරිමැදේ
මැදේ කිවින් පුවතර මේ හසුන් සඳේ
සදේ අම සෙ තබමිනි මිතුරු මන නඳේ
නදේ වඩන මේ පුරවරිනි ඉරි උදේ


දිගා වඩන මෙන් ගුගුරති ගජ තුරඟා
රඟා පැපැ යෙනි එති බොළඳ කොමළඟා
ළඟා පවති මඳ නල සුවඳ පෙරමඟා
මඟා සතොස ලබ සුබනිමිති මනරඟා

(c) Shilpa Sayura Foundation 2006-2017